Author: Bandara Senanayaka

2024 අගභාගයේදී ඉරානය රහසිගතව චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ලබාගෙන ඇති බවත්, එමඟින් දැනට පවතින යුද්ධය අතරතුර මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කිරීමට ඔවුන්ට හැකි වී ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා. කෙසේ වෙතත්, බීජිං පාලනය මෙම පුවත අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. චීන සමාගමක් වන අර්ත් අයි (Earth Eye Co) විසින් නිෂ්පාදනය කර අභ්‍යවකාශගත කරන ලද ‘TEE-01B’ චන්ද්‍රිකාව, චීනයේ සිට දියත් කිරීමෙන් පසුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය විසින් අත්පත් කර ගත් බව රහසිගතව නිකුත් වූ ඉරාන හමුදා ලේඛන උපුටා දක්වමින්…

Read More

දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉරානයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී විය නොහැකි බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදීත්, ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම තරගාවලියට එක්වන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඉරාන ක්‍රීඩකයින්ගේ “ජීවිත සහ ආරක්ෂාව” පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක වුවද, ඉරාන කණ්ඩායම “අනිවාර්යයෙන්ම” අමෙරිකාව බලා පැමිණෙනු ඇතැයි සභාපතිවරයා පසුගිය බදාදා යළිත් අවධාරණය කළා. අමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය මේ වන විට පාකිස්ථානයේ මැදිහත් වීම මත සති දෙකක සටන් විරාමයකට එළැඹ තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ඉරාන…

Read More

අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකාර නිමල් වෙත්තසිංහ මහතා පැවසුවේ අද දිනයේ සිට එළැඹෙන සඳුදා උදෑස දක්වා සහ ඉදිරි කාලය සඳහා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවය. ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගර වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් මගීන් ප්‍රමාණය අනුව කාලසටහන් සංශෝධනය කරමින් අදාළ බස් රථ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් වෙත්තසිංහ මහතා, “අපි අද දිනයේ සිට මේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා උදේ වරුව සහ…

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් ඊයේ (17) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 327.49 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත වූ අතර දින‌යේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,588.97 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.47%ක ඉහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 55.77ක වර්ධනයක් අත්පත් කරගනිමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,230.76ක් ලෙසින් වාර්තා විය. එය 0.90%ක ඉහළ යාමක් වේ. දිනය තුළ රු. බිලියන 4.96ක, පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Read More

නැගී එන වෙළෙඳපොළ (Frontier and Emerging Markets) ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන මාක් මෝබියස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 වැනි වියේ පසුවිය. කලක් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛතම විදෙස් ආයෝජකයෙකු ලෙස, ඔහු නායකත්වය දැරූ Franklin Templeton අරමුදල කතාබහට ලක්විය. 2015‌ට පෙර මෙරට භාණ්ඩාගාර බැඳුම්කරවල සැලකිය යුතු ආයෝජන කොටසක් එම අරමුදල සතුව තිබුණු බව කියැවේ. අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඔහු වරක් පැවසුවේ, ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ හෝ කොටස් වෙළෙඳපොළ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වීම, සිය ආයෝජන සම්බන්ධයෙන් ඇති විශාල ගැටළුවක් බවයි. 2019 වසරේ දී සිය ශ්‍රී ලංකා සංචාරය අතුරතුර දී ඔහු එසේ පැවසූ අතර, තමා…

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වූ පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (16) රාත්‍රී 11.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. පොඩි පැටී නැමැත්තා ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ඔහු ඊයේ රාත්‍රියේ පැවැති උත්සවයකට සහභාගී වී එමින් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නොමැති බවත් සඳහන් වේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර ඇත. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවය. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරන බව අමාත්‍යාංශය සඳහන් කළේය. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Read More

නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා දැදුරු ඔයේ ගිලී මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් අතුරුදන් වූ තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබුණි. එහිදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews…

Read More

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක්ද නිලධාරී භාරයට ගනු ලැබීය. අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ…

Read More

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය මෙරට වේලාවෙන් අද (17) අළුයම 2:30ට ආරම්භ වූවා. කෙසේ නමුත්, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ලෙබනන් හමුදාව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින බව පවසමින් තම හමුදාවන් තවදුරටත් එහි ස්ථානගතව සිටින බව ඊශ්‍රායලය පවසනවා. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical

Read More