Author: Bandara Senanayaka

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 4දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා මගින් සිදු කළ මෙහෙයුමකිනි. එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවද නාවික හමුදාව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියට අත්‍යවශ්‍යව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන සෝබන හන්දි සනත් ද සිල්වා හෙවත් ‘රාජු’ නැමැත්තා ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගණයේ අපරාධ දහපහළොවකට අධික ප්‍රමාණයකට චෝදනා ලබා සිටින මොහු, දකුණු පළාතේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වූ සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් ‘කරන්දෙණියේ සුද්දාගේ’ සොහොයුරා ද වෙයි. අත්අඩංගුවට පත් සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. පසුගිය කාලසීමාව තුළ දකුණු පළාත කැළඹූ ඝාතන රැල්ලේ ප්‍රධාන චූදිතයන් ලෙස මෙම සොහොයුරන් දෙදෙනා සැලකෙන අතර, කුලී ඝාතකයන් ලෙස ඔවුන් සිය අපරාධ ජීවිතය ආරම්භ…

Read More

DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මේ හරහා DIMO විසින් ගෝලීය වශයෙන් පිළිගත් Siemens commercial EV chargers මාලාව ශ්‍රී ලංකාවේ වෙළඳපලට හඳුන්වා දෙන අතර EV භාවිතය වර්ධනය කිරීමට ශක්තිමත් පදනමක් සකසයි. Siemens commercial EV charging මාලාව, කාර්යාල සංකීර්ණ, වාණිජ ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාඩු නිකේතන, රෝහල්, විශ්ව විද්‍යාල සහ පෞද්ගලික…

Read More

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මහල් 14 කින් යුත් අතිනවීන පහසුකම්වලින් සමන්විතවන මෙම නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඇඳන් ධාරිතාව 125 කි. නවීන පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක, වාට්ටු, ඇතුළු අංශ රැසකින් මෙම සංකීර්ණය සමන්විත ය. රෝහල් ගමනේ අර්ථවත් පියවරක් අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත මෙම වාට්ටු සංකීර්ණය සඳහා නයින්වෙල්ස් (Ninewells) රෝහලේ කළමණාකාරීත්වය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 6 කට ආසන්න ය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ එනම් 2029 වර්ෂය අවසන්…

Read More

ශ්‍රීලංකා- කොලඹ -News force.lk සියලු‍ දේශපාලන නියෝජිතයින් සෑම වසරකම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුවයි. එම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියනය 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්, රුපියල් මිලියන 56ක වටිනාකමකින් යුත්…

Read More

HSBC ප්‍රධානියා අනාවරණය කරයි කොළඹ News Forc.lk — ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන තෙල් බැරල් එකකට ඩොලර් 286ක් දක්වා ගෙවීමට සිදුව ඇති අතර, එය ගෝලීය වෙළඳපොළ මිලවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් බව වාර්තා වේ. ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල දර්ශකයන් පවතින මට්ටමට වඩා ඉතා ඉහළ මිලක් ආසියානු කලාපයේ ගැනුම්කරුවන්ට ගෙවීමට සිදුව ඇති බවත්, අවම වශයෙන් එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව තෙල් බැරලයකට ඩොලර් 286ක් වැනි අතිවිශාල මුදලක් ගෙවා ඇති බවත් HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්රි (Georges Elhedery) හෙළි කර තිබේ. හොංකොං හි පැවති ආයෝජන සංසදයකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, බටහිර ලෝකයේ තෙල් මිල දර්ශකයන් හරහා පෙන්නුම් කරන…

Read More

පරණ අවුරුදු දා (13) අලුයම කාන්තාවකගේ රන් මාලයක් කඩා, එය උකස් කර ලැබුණු මුදලින් සූදුවේ නිරත වී, එදිනම සවස තවත් රන් මාලයක් කැඩීමට උත්සාහ කළ යුද හමුදා සාජන් මේජර්වරයෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු සහ ප්‍රදේශයේ තරුණයෙකු එක්ව සිදු කළ සාර්ථක මෙහෙයුමකදී සැකකරු මෙලෙස කොටු වී ඇත. මොරවැව යුද හමුදා කඳවුරේ සේවය කරන වත්තේගම, උඩුරාවණ පදිංචි මෙම සාජන් මේජර්වරයා, පසුගිය 13 වැනිදා අලුයම 5.30 ට පමණ මහනුවර දුම්රිය ස්ථානය අසලදී හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳගේ පවුම් 04 ක රන් මාලය කඩාගෙන පළා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ. අනතුරුව සැකකරු කොළඹ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට එම…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

Read More

දශක ගණනාවක සැඟවුණු රහසක් හෙළිවෙයි දිගු කාලයක් පුරා, විලියම් ශේක්ස්පියර් විසින් ලන්ඩනයේ Blackfriars ප්‍රදේශයේ දේපළක් හිමිකරගෙන සිටි බව විද්වත් ලෝකය දැන සිටියද, එහි නිශ්චිත ස්ථානය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොතිබුණි. එය සාමාන්‍යයෙන් Blackfriars gatehouse අසල පිහිටා ඇතැයි පමණක් අනුමාන කර තිබුණි. නමුත් 1668 වසරට අයත් පුරාණ නගර සැලැස්මක් (survey plan) හමුවීමත් සමඟ, එම නිවස පිහිටි ස්ථානය, ව්‍යුහය, ප්‍රමාණය සහ අවට පරිසරය සවිස්තරව හඳුනාගැනීමට හැකි විය. ෂේක්ස්පියර්ගේ ලන්ඩන් නිවස 1668 සිට බ්ලැක්ෆ්‍රියර්ස් දිස්ත්‍රික්කයේ සැලැස්මකින් හඳුනාගෙන ඇත. ලන්ඩන් ලේඛනාගාරය, මෙම සොයාගැනීම සිදු කළේ Lucy Munro, King’s College London හි මහාචාර්යවරියකි. ඇය මෙම සොයාගැනීම “අහම්බෙන් ලැබුණු විශාල ඉතිහාසමය සාර්ථකත්වයක්” ලෙස හැඳින්වීය. මහාචාර්ය ලුසී මුන්රෝ…

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුධ බලතල සීමා කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් ගෙන ආ යෝජනාව යළි පරාජයට පත්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු බවයි. ඊට එරෙහිව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව, 47ක්. වත්මන් සෙනෙට් සභාවේ වැඩි බලයක් හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටයි. ඒ අනුව සභිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත 119 වැනි සෙනෙට් සභාවට රිපබ්ලිකන් සභිකයින් 53 දෙනෙකු, ඩිමොක්‍රටික් සභිකයින් 45 දෙනෙකු සහ ස්වාධීන සභිකයින් දෙදෙනෙකු ඇතුළත්. එම සංයුතිය හේතුවෙන් මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනා තුනක් ද සම්මත කර ගැනීමට හැකිවුණේ නැහැ. කෙසේ නමුත්…

Read More