Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    April 18, 2026

    ලාල්කාන්ත සහෝදරයාගෙන් හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක්!

    April 18, 2026

    විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ-සුජීව සේනසිංහ-

    April 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක් දැලේ
    උණුසුම් පුවත්

    රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක් දැලේ

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 16, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරණ අවුරුදු දා (13) අලුයම කාන්තාවකගේ රන් මාලයක් කඩා, එය උකස් කර ලැබුණු මුදලින් සූදුවේ නිරත වී, එදිනම සවස තවත් රන් මාලයක් කැඩීමට උත්සාහ කළ යුද හමුදා සාජන් මේජර්වරයෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

    කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු සහ ප්‍රදේශයේ තරුණයෙකු එක්ව සිදු කළ සාර්ථක මෙහෙයුමකදී සැකකරු මෙලෙස කොටු වී ඇත.

    මොරවැව යුද හමුදා කඳවුරේ සේවය කරන වත්තේගම, උඩුරාවණ පදිංචි මෙම සාජන් මේජර්වරයා, පසුගිය 13 වැනිදා අලුයම 5.30 ට පමණ මහනුවර දුම්රිය ස්ථානය අසලදී හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳගේ පවුම් 04 ක රන් මාලය කඩාගෙන පළා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

    අනතුරුව සැකකරු කොළඹ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට එම රන් මාලය රුපියල් හාරලක්ෂ හැට දහසකට (460,000/-) උකස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

    පොලිසිය පවසන පරිදි, සැකකරු එම මුදලින් ඔන්ලයින් (Online) ක්‍රමයට ක්‍රියාත්මක සූදු ක්‍රීඩාවක නිරත වී ඇති අතර ඉන් පරාජය වීමෙන් පසු යළිත් මුදල් සොයා ගැනීම සඳහා එදිනම සවස මහනුවරට පැමිණ තිබූ බව තොරතුරු අනාවරණය වුණා.

    එහිදී මහනුවර වැව රවුම ප්‍රදේශයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ පවුම් තුනක රන් මාලයක් කඩා පළා යෑමට උත්සාහ කරද්දී, ඇයගේ කෑගැසීම ඇසී සිවිල් තරුණයෙකු සැකකරු පසුපස හඹා ගොස් තිබුණා.

    එම අවස්ථාවේ විශේෂ අවුරුදු රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු වහා ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

    සැකකරු මහනුවර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    මෙහිදී විශේෂත්වය වන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ කාන්තා නිලධාරිනියන් සිව් දෙනාට සහ තරුණයාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් රුපියල් 5000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කිරීමයි.

    මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන යන නිලධාරීන්ගේ උපදෙස් මත, මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    April 18, 2026

    ලාල්කාන්ත සහෝදරයාගෙන් හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක්!

    April 18, 2026

    විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ-සුජීව සේනසිංහ-

    April 18, 2026

    මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්

    April 18, 2026

    පාස්කු විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්න – රොහාන් ද සිල්වා පියතුමා –

    April 18, 2026

    සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ නොකරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    April 18, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් ඇතුළු පක්ෂ සමාජිකයින්…

    ලාල්කාන්ත සහෝදරයාගෙන් හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක්!

    April 18, 2026

    විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ-සුජීව සේනසිංහ-

    April 18, 2026

    මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්

    April 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    April 18, 2026

    ලාල්කාන්ත සහෝදරයාගෙන් හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක්!

    April 18, 2026

    විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ-සුජීව සේනසිංහ-

    April 18, 2026

    මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්

    April 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    April 18, 2026

    ලාල්කාන්ත සහෝදරයාගෙන් හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක්!

    April 18, 2026

    විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ-සුජීව සේනසිංහ-

    April 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.