Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ ප්‍රකාශ කළා. ඉරාන සහ රුසියානු ඉන්ධන අලෙවිය සඳහා පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් ලබාදුන් සහන කාලය මෙම සතියෙන් අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ. මෙම කාල සීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අමෙරිකාව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා. ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුම් සඳහා එල්ල වී ඇති පීඩනය ලිහිල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය විසින් දින 30ක කාලයක් සඳහා මෙම සහනය ලබාදුන්නේ පසුගිය…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චිගෙන් දුරකථන ඇමතුමක් හරහා ඉල්ලා සිටි බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සතු ස්වෛරීභාවය සහ ආරක්ෂාවට ගරු කළ යුතු අතරම එය සුරැකිය යුතු බවත්, ඒ සමගම නාවික ගමනාගමනයේ නිදහස සහ ආරක්ෂාව ද සහතික විය යුතු බවත්, වැන්ග් එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා. මෙම ජල මාර්ගය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම කෙරෙහි පුළුල් ජාත්‍යන්තර උනන්දුවක් පවතින බව පැවසූ වැන්ග්, කලාපීය රටවල් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කිරීමට සහ සබඳතා…
ඇමරිකාව පවසා ඇත්තේ, ඉන්දියාවට රුසියාව වෙතින් තෙල් මිලදී ගැනීමට ඉඩ ලබාදුන් විශේෂ වාරණ ඉවත් කිරීමේ (waiver) යළි දිගු නොකරන බවයි. මෙම ව්‍යවස්ථාව යටතේ ඉන්දියාව රුසියානුව බොර තෙල් විශාල ප්‍රමාණයකින් ආනයනය කරමින් ප්‍රධාන ප්‍රතිලාභ ලබන්නෙකු බවට පත්ව තිබුණි. බදාදා පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Scott Bessent පැවසුවේ, “රුසියානු තෙල් සඳහා හෝ ඉරාන තෙල් සඳහා ලබාදුන් සාමාන්‍ය බලපත්‍ර අප යළි දීර්ඝ නොකරන නොකරනවා. මාර්තු 11ට පෙර මුහුදේ තිබූ තෙල් සම්පූර්ණයෙන්ම භාවිතා කර අවසන්,” යනුවෙනි. කෙසේ වෙතත්, මෙම පියවර එක්සත් ජනපද දේශපාලනවේදීන් අතර දැඩි විවේචනයට ලක්ව තිබූ අතර, රුසියාව වෙත ආර්ථික පීඩනය වැඩි කිරීමේ උත්සාහයක් ලෙස වාරණ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව…
සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදුකළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවය. මෙහිදී සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම හා කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම ආදී වූ වැරදි යටතේ මෙම වෙළෙඳසැල් සඳහා නීතිමය පියවර ගත් බවද ඒ මහතා පැවසීය. මෙවැනි වැටලීම් වෙසක් සහ පොසොන් උත්සවය මුලික කරගනිමින්ද සිදුකිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා 2026 අප්‍රේල් 15 වන දින කොළඹ වරායට සේන්දු විය. එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික නාවික ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම නෞකාවේ පැමිණීම ‘ASEAN Plus Cadet Sail (APCS) – 2026’ වැඩසටහනේ ප්‍රධාන අංගයක් වන අතර, ඉන්දුනීසියානු නාවික ශිෂ්‍යභටයින්ට අමතරව විවිධ රටවල් 26ක් නියෝජනය කරන නාවික ශිෂ්‍යභටයින් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුගෙන්ග් හරියන්තෝ (Commander SUGENG HARIYANTO) කටයුතු කරයි. නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වෙමින් සිටින නිලධාරීන් නෞකාව තුළ පැවැත්වෙන විවිධ…
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත. මෙම චීන ජාතිකයන් පිරිස අද අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා පාවිච්චි කළ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් සඟවා ගෙන ගෙනැවිත් ඇත. ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස සිය…
දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය. ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවත් ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවද පැවසු ගැමුණු විජේරත්න මහතා, මේ හේතුවෙන් මගීන් නොමැතිව විශාල බස්රථ ප්‍රමාණයක් ධාවනය වූ බවද පැවසීය. මේ අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා…
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි. සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ, එහි ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් සිය ආසනය වෙන් කරගත හැකි බවය. එසේ නොමැති නම් www.busticket.gov.lk හෝ 011 200 1266 යන ක්ෂණික දුරකතනය අංකය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. මෙලෙස ආපසු හරවා යාවා ඇති නෞකාව ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) ප්‍රහාරක නෞකාව මඟින් බව වාර්තා වෙයි. මෙම නෞකාව සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 10ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින තුනකක් ගතවී ඇත. මෙම අවහිර කිරීමේ අරමුණ වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් ප්‍රවාහය…
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
