Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි. වොෂින්ටන්හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවය. “අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව. එය ක්‍රීඩාවට ලොකු රුකුලක්. කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය…
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි. පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය. “බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා…
රථවාහන අනතුරු සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී අවශ්‍ය වන රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක සාමාන්‍යාධිකාරීවරයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රක්ෂණ සමාගමේ මෝටර් තාක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරීවරයා වන සනත් ප්‍රියන්ත රණවීර නැමති මෙම සැකකරුට ඇප ලබා දීමට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ද මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කරනු ලැබීය. සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව…
ඉරාන යුද්ධයට අදාළ වීඩියෝ දර්ශන බෙදාහැරීම හේතුවෙන් VICE, HuffPost සහ Al Jazeera යන ආයතනවල සේවය කර ඇති කුවේට්-අමෙරිකානු මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් (Ahmed Shihab-Eldin) කුවේටයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන සහ අනෙකුත් සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් දැඩි පියවර ගනිමින් සිටින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සඳහන්. යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ෂිහාබ්-එල්ඩින් සිය ‘Substack’ ගිණුම සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහදා ගත් නමුත් මාර්තු 2 වැනිදා සිට ඔහු තොරතුරු පළ කිරීම හදිසියේම නතර කර තිබුණා. ඔහු එම අවස්ථාවේදී සිය පවුලේ…
තංගල්ල පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද උදෑසන 6.55ට යෙදුණු සුබ නැකතින් හිස තෙල් ගෑමේ උත්සවයට සහභාගී වූහ. ශ්‍රී කල්‍යාණි සමාග්‍රි ධර්ම මහ සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ ධර්ම වගාචාර්‍ය විචිත්‍ර භාණක මුළු දිවයිනටම සාමවිනිසුරු තංගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටිගල පඤ්ඤාලෝක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සිදු කෙරිණි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical
ඉරානය සමග දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, බටහිර ආසියාවේ පවතින ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම වඩාත් කැමති ප්‍රතිඵලය බවටයි ඔහු ඉඟි කර ඇත්තේ. ABC පුවත් සේවයේ වොෂින්ටන් ප්‍රධාන වාර්තාකරු ජොනතන් කාල් සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, සටන් විරාමය දීර්ඝ කිරීම අවශ්‍ය වනු ඇතැයි තමා විශ්වාස නොකරන බවයි. ඉදිරි වර්ධනයන් පිළිබඳව විශ්වාසය පළ කළ ට්‍රම්ප්, “මම හිතන්නේ ඔබ ඉදිරි දින දෙක තුළ පුදුමාකාර සිදුවීම් කිහිපයක් දකිනු ඇති. මම ඇත්තටම එහෙම හිතනවා,” යැයි පවසා තිබෙනවා. යුද්ධය අවසන් වන්නේ ගිවිසුමක් මගින්ද නැතහොත් ඉරානයේ…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන වැඩසටහන් නොපැවැත්වීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා. ඒ අනුව, පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ “පොලිස්පති සහන දිනය” නොපැවැත්වෙන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. මීට අමතරව, අනිද්දා (17) දින පැවැත්වීමට නියමිතව තිබූ “පොලිස්පති මහජන සහන දිනය” ද උත්සව සමය නිමිත්තෙන් එදිනට නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (15) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේය. එහිදී ධීවර යාත්‍රා දෙකට දැඩි හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. බෝට්ටුව පෙරළීමෙන් ධීවරයෙක් දියේ ගිලී අතුරුදන් වූ අතර සෙසු අය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා මිය ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත. අදාළ අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු මේ වනවිට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුරට විමර්ශන සිදු කරයි.
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබාගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කරනු ලැබූ අයෙකු බවද සඳහන් වේ. පොලීසිය පවසන්නේ, වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී ඔහු ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවට පැමිණිල්ල ලැබී ඇති බවය. එම අවස්ථාවේදී වෛද්‍යවරිය පොලීසියට පැමිණිලි කරන බව දන්වා ඇති අතර, නැවත පරීක්ෂාවක් කිරීමේදී දෙවැනි වරටද වෛද්‍යවරියට අතවරය සිදුකර ඇති බවට වාර්තා වේ. ඒ අනුව, පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන, පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේම ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන…
මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (11) වනදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස්ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
