Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
III චාල්ස් රජු ,මෙම මස අගදී අමෙරිකා එක්සත් ජනපදයට පැවැත්වෙන රාජ්‍ය සංචාරය අතරතුර අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයකට අමතන අතර, Donald Trump සමඟ පෞද්ගලික හමුවක් පැවැත්වීමට නියමිත බව Buckingham Palace අඟහරුවාදා නිවේදනය කළේය අප්‍රේල් 27 සිට 30 දක්වා පැවැත්වෙන මෙම සංචාරය අතරතුර, Queen Camilla සමඟ රජු Washington, DC, New York සහ Virginia යන ප්‍රදේශවල සංචාරය කරමින් මහජන වැඩසටහන් රැසකට සහභාගී වීමට නියමිතය. මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ අමෙරිකානු එක්සත් ජනපදයේ නිදහසට වසර 250ක් පිරීම සලකුණු කරමිනි. කෙසේ වෙතත්, මෙම සංචාරය සිදුවන්නේ අමෙරිකානු එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අතර “විශේෂ සබඳතාවය” ලෙස හඳුන්වන දේශපාලන සබඳතාවයට සංකීර්ණ අවස්ථාවක් මධ්‍යයේය. Donald Trump…
චීන ජනාධිපති Xi Jinping මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථායිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කරුණු 04 යෝජනාවක් ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි රාජකීය උරුමකරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan සමඟ බීජිංහි පැවති හමුවකදීය. මෙහිදී ජනාධිපති Xi Jinping පෙන්වා දුන්නේ, සාමකාමී එකඟතාව (peaceful coexistence) මූලධර්මයට අනුගත වීම අත්‍යවශ්‍ය බවයි. මැද පෙරදිග හා ගල්ෆ් කලාපය සඳහා එකමුතු, සම්පූර්ණ, සහයෝගී සහ දිගුකාලීන ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. ජාතික ස්වෛරීත්වයට ගරු කිරීමද අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළ අතර, එම කලාපයේ රටවල්වල ස්වෛරීත්වය, ආරක්ෂාව සහ භූමි අඛණ්ඩතාව සම්පූර්ණයෙන්ම ගෞරවයට ලක් විය…
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරම මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (14) අලුයම මන්නාරමට ඔබ්බෙන් වූ උතුරු මුහුදේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, යාන්ත්‍රික බෝට්ටුවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ බෝට්ටුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම නාවික කඳවුර වෙත රැගෙන ගොස් තිබේ. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
ලොව ප්‍රකට විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ රථගාලේ අද (14) ගින්නක් හටගෙන තිබේ. ගින්න හේතුවෙන් BYD සමාගමේ කොටස් මිලද 0.6%කින් පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. චීනයේ ෂෙන්සෙන් නුවර පිහිටි BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලවට අයත් රථගාලක මෙම ගින්න හටගෙන තිබුණි. පරීක්ෂණ මට්ටමේ පවතින වාහන සහ ඉවතලන වාහන මෙම රථගාලේ ගාල් කර තිබී ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි. ගින්න මහල් ගොඩනැගිල්ලක් පුරා පැතිර ගොස් තිබූ අතර ඒ හේතුවෙන් අවට ප්‍රදේශය විශාල කළු දුමාරයකින් වැසිගොස් ඇත. ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශයේ ගිනි නිවිමේ නිලධාරීන් සහ පොලීසිය කඩිනමින් එම ස්ථානයට කැඳවා ඇත. මේ අතර විද්‍යුත් වාහන…
තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. 18 හැවිරිදි වෙඩික්කරු එම පාසලේම ආදිශිෂ්‍යයෙකු බව සඳහන් වෙයි. ඔහු ‘ෂොට්ගන්’ වර්ගයේ තුවක්කුවකින් පාසලේ සිටි පිරිසට අහඹු ලෙස වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් පසු පාසල් ගොඩනැගිල්ල තුළ සැඟවුණු ඔහු, පසුව එම තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ 16 දෙනා අතර ගුරුවරයෙකුද සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් වෙයි.. ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. එහිදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ලබන හයිටොප් තුෂාර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන ප්‍රධාන ගෝලයෙකු බවයි වාර්තා වෙයි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානිය වෙනුවෙන් ඉරානයට අමෙරිකානු ඩොලර් බිලියන 270ක පාඩුවක් සිදුව ඇති බව ඉරාන රජය පවසයි. ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශක ෆාතිමා මොහජරානි ප්‍රකාශ කර ඇත්තේ දැනට ගණන් බලා ඇති හානිය ඩොලර් බිලියන 270ක් වන නමුත් මෙය තවමත් අවසාන තීරණය නොවන බවයි. මේ අතර, ඉරානය සිදු කරන සාකච්ඡාවලදී මෙම යුද හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කර ඇත. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6:55ට යෙදී තිබේ. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews
ආර්ථික, සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟසමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවා ! විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් එක් කර තිබෙනවාඑමෙන්ම මෙරට ජීවත් නොවූවත් එතෙර රැඳෙමින් සැමවිටම මාතෘභූමියේ ජයග්‍රහණය පතන, ජාතික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන, සිංහල හා දමිළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක අලුත් අවුරුදු සැමරුමට ජනපති එක් වෙයි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක් විය. පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම්…
