චීන ජනාධිපති Xi Jinping මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථායිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කරුණු 04 යෝජනාවක් ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි රාජකීය උරුමකරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan සමඟ බීජිංහි පැවති හමුවකදීය.
මෙහිදී ජනාධිපති Xi Jinping පෙන්වා දුන්නේ, සාමකාමී එකඟතාව (peaceful coexistence) මූලධර්මයට අනුගත වීම අත්‍යවශ්‍ය බවයි. මැද පෙරදිග හා ගල්ෆ් කලාපය සඳහා එකමුතු, සම්පූර්ණ, සහයෝගී සහ දිගුකාලීන ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ජාතික ස්වෛරීත්වයට ගරු කිරීමද අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළ අතර, එම කලාපයේ රටවල්වල ස්වෛරීත්වය, ආරක්ෂාව සහ භූමි අඛණ්ඩතාව සම්පූර්ණයෙන්ම ගෞරවයට ලක් විය යුතු බව පැවසීය. එමෙන්ම සියලුම රටවල්වල පුද්ගලයන්, පහසුකම් සහ ආයතනවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර නීති රීති පිළිබඳ මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන්ද ඔහු අවධානය යොමු කළ අතර, ලෝකය “බලවන්තයාගේ නීතිය” (law of the jungle) වෙත නැවත යාම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර නීතියේ අධිකාරිය රැකගත යුතු බව පෙන්වා දුන්නේය.
එසේම සංවර්ධනය සහ ආරක්ෂාව අතර සමතුලිතතාවය පවත්වාගෙන යාම වැදගත් බව ඔහු සඳහන් කළ අතර, මැද පෙරදිග හා ගල්ෆ් කලාපයේ රටවල් සංවර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

