Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 15, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන යුද්ධයට අදාළ වීඩියෝ දර්ශන බෙදාහැරීම හේතුවෙන් VICE, HuffPost සහ Al Jazeera යන ආයතනවල සේවය කර ඇති කුවේට්-අමෙරිකානු මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් (Ahmed Shihab-Eldin) කුවේටයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන සහ අනෙකුත් සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් දැඩි පියවර ගනිමින් සිටින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සඳහන්.

    යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ෂිහාබ්-එල්ඩින් සිය ‘Substack’ ගිණුම සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහදා ගත් නමුත් මාර්තු 2 වැනිදා සිට ඔහු තොරතුරු පළ කිරීම හදිසියේම නතර කර තිබුණා.

    ඔහු එම අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන් හමුවීමට කුවේටයට පැමිණ සිටි අතර, ඔහු සති හයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවන බව ඔහුගේ මිතුරන් විශ්වාස කරන බව සඳහන්.

    ඔහු නිදහස් කර ගැනීමට මහජන සහයෝගය උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු මෙම කරුණ ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    “අහමඩ් ෂිහාබ්-එල්ඩින් වහාම නිදහස් කරන ලෙසත් ඔහුට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි කුවේටයෙන් ඉල්ලා සිටිනවා,” යැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ (CPJ) කලාපීය අධ්‍යක්ෂ සාරා කුඩා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    අසත්‍ය තොරතුරු පැතිරවීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම සහ ජංගම දුරකථනය අවභාවිත කිරීම යන චෝදනා බලධාරීන් විසින් ඔහුට එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

    CNN පුවත් සේවය මේ සම්බන්ධයෙන් කුවේට් රජයෙන් අදහස් විමසීමට උත්සාහ කර ඇතත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

    ෂිහාබ්-එල්ඩින් බෙදාගත් දර්ශන දැනටමත් ප්‍රසිද්ධියට පත් වී තිබූ ඒවා බව ඔහුගේ මිතුරන් පෙන්වා දෙනවා.

    උදාහරණයක් ලෙස, ඔහු බෙදාගෙන තිබුණේ කුවේටයට ඉහළින් පියාසර කළ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන CNN වීඩියෝවක්.

    කෙසේ වෙතත්, “මිසයිල හෝ අදාළ ස්ථානවලට සම්බන්ධ කිසිදු දර්ශනයක් හෝ තොරතුරක්” ඡායාරූප ගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කුවේට් නිලධාරීන් මීට පෙර පුරවැසියන්ට අනතුරු අඟවා තිබුණා.

    මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මිසයිල ප්‍රහාරවල ඡායාරූප බෙදාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවටයි වාර්තා රැසක් ලැබී ඇත්තේ.

    ෂිහාබ්-එල්ඩින් දශකයකට වැඩි කාලයක් ප්‍රසිද්ධ මාධ්‍ය පෞරුෂයක්ව සිටි අයෙකු බැවින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.

    2011 වසරේදී ඔහු Al Jazeera English නාලිකාවේ “The Stream” වැඩසටහනේ සම-නිර්මාතෘවරයෙකු සහ සම-නිවේදකයෙකු ලෙස කටයුතු කළ අතර HuffPost සජීවී විකාශන ජාලය ආරම්භ කිරීමට ද දායක වී ඇති බව සඳහන්.

    ඔහු CNN ඇතුළු ප්‍රමුඛ පෙළේ නාලිකා රැසක ආරාධිතයෙකු ලෙස ද පෙනී සිට තිබෙනවා.

    #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-

    April 15, 2026

    පොලිස්පති සහන මැදිරිය තාවකාලිකව නවතී

    April 15, 2026

    බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට 

    April 15, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව…

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.