Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා
    උණුසුම් පුවත්

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 15, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රථවාහන අනතුරු සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී අවශ්‍ය වන රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක සාමාන්‍යාධිකාරීවරයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රක්ෂණ සමාගමේ මෝටර් තාක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරීවරයා වන සනත් ප්‍රියන්ත රණවීර නැමති මෙම සැකකරුට ඇප ලබා දීමට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ද මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කරනු ලැබීය. සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරිණි.

    අදාළ රක්ෂණ සමාගම විසින් නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටින විශ්‍රාමික අතිරේක රජයේ රස පරීක්ෂක ජයමාන්න මහතාගේ සේවය ලබා ගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල පදනමක් යටතේ බව ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය. තවද, වෙනත් පෞද්ගලික රක්ෂණ සමාගම් කිහිපයක්ම මෙවැනිම ආකාරයෙන් රස පරීක්ෂක වාර්තා ලබාගෙන තිබියදී අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාගේ සමාගම පමණක් ඉලක්ක කරමින් දූෂණ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් යටතේදැයි ඔහු අධිකරණයෙන් ප්‍රශ්න කර සිටියේය. එම කරුණු මත පදනම්ව සැකකරුට ඇප ලබා දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත්, පැමිණිල්ල මෙහෙයවූ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ලෙස වාර්තා ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටහතරකට අධික මුදලක් අල්ලස් ලෙස ලබා දීම සහ දූෂණයට ආධාර අනුබල දීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුට ඇප ලබා නොදී තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ඔවුහු ඉල්ලීමක් කළහ.

    දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, විත්තියේ නීතිඥවරයා විසින් මතු කළ කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කළේය. එසේම, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් එළඹෙන ජුනි මස 23 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කෙරිණි.

    සම්පූර්ණ පුවත පළමු කොමෙන්ටුවේ…..

    #newsforcelk#newsforcelklive#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews#newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-

    April 15, 2026

    පොලිස්පති සහන මැදිරිය තාවකාලිකව නවතී

    April 15, 2026

    බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට 

    April 15, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව…

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.