Author: Bandara Senanayaka

වර්තමානයේ ක්‍රියාත්මක වන සටන් විරාමය අවසන් වීමට පෙර, එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා සඳහා සත්කාරකත්වය සැපයීමට පාකිස්ථානය සූදානම් බව වාර්තා වෙනවා. ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මෙම සාකච්ඡා වටය පැවැත්වීමට එරට රජය යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කලාපීය නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාම කාලය අවසන් වීමට පෙර රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹීම මෙම යෝජනාවේ මූලික අරමුණයි. පළමු වටයේ සාකච්ඡාවලදී යුරේනියම් සාරවත් කිරීමේ කාලසීමාව සම්බන්ධයෙන් මතුවූ එකඟ නොවීම් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

Read More

පසුගිය 10 වනදා සිට ගතවූ දින 3 තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රු. 163,291,065 ක ආදායමක් උපයා තිබෙනවා. එම දින 3 තුළදී රථවාහන 434,338 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති අතර, වැඩිම ආදායමක් සහ රථවාහන සංඛ්‍යාවක් ධාවනය කර ඇත්තේ පසුගිය 10 වනදායි. එම සංඛ්‍යාව පිළිවෙළින් 59,815,450 ක් සහ 161,847 ක් වනවා. විශේෂයෙන්ම උත්සව සමය හේතුවෙන් වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීම මෙම ආදායම් වැඩිවීමට හේතු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. අධිවේගී මාර්ග භාවිතය ඉහළ යාමත් සමඟ ප්‍රධාන පිවිසුම් හා පිටවීමේ ස්ථානවල ගමනාගමනය තදබදයක්ද නිරීක්ෂණය වූ බව වාර්තා වේ. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical#newsforcesportnews

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොවේ. එය අපේ කම පිරි හැඟීමකි. එම හැඟීම නිවස, පවුල, මුතුන්මිත්තන්, සොබාදහම සහ ඔබ අතර ඇති නොපෙනෙන බැඳීම ශක්තිමත් ව පවත්වා ගැනීමට හේතු වේ. මෙම සංස්කෘතික මංගල්‍යය තුළින් සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විදි, සාමූහිකත්වය, සමාජ සංස්ථාව සහ තම ආගම වැනි හර පද්ධතීන් පිළිබිඹු කරනු ලබයි. එක් අතකින් එය කෘෂිකර්මාන්තය හා බැඳි අපගේ මුතුන්මිත්තන් සොබාදහම සමඟ ගලපා ගත් ප්‍රඥාවන්ත ජීවන දර්ශනය ද වේ. තවත් අයුරකින් මෙය සංහිඳියාවෙන් යුතු මිත්‍රත්වයේ දිනය ද වේ. මෙම සංහිඳියාවට නීති රීති අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ හිත සමඟ කැවුම් කිරිබත් පිඟානක් සහ බුලත්…

Read More

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ. අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි. පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි. අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක්…

Read More

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි. රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය.…

Read More

ඉරානය සමඟ පැවති යුධ තත්ත්වය ගෝලීය ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරමින් ඇති අතර, එය මෙම සතියේ වොෂින්ටනයේ ආරම්භ වන International Monetary Fund (IMF) රැස්වීම්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි. IMF සහ World Bank නිලධාරීන් එක්වන මෙම රැස්වීම්, COVID-19 වසංගතය සහ රුසියා-යුක්රේන යුද්ධයෙන් පසුව ලෝක ආර්ථිකයට එල්ල වූ තවත් ප්‍රබල කම්පනයක් ලෙස මෙම ගැටුම සැලකෙන අවස්ථාවක පැවැත්වේ. ඉරාන ගැටුම හේතුවෙන් Hormuz මුහුදු මාර්ගය හරහා තෙල් ප්‍රවාහනය බාධා වීම, ලෝක බලශක්ති සැපයුම්වලට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රතිචාර…

Read More

ඕස්ට්‍රේලියානු යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි නායකත්වය සඳහා කාන්තාවක් පත් කරන බව එරට රජය පවසනවා. මෙය එරට ආරක්ෂක අංශ නායකත්වයේ සිදු කළ ප්‍රධාන වෙනස්කම් මාලාවක කොටසක් ලෙසයි විදෙස් මාධ්‍ය හඳුන්වන්නේ. රජය නිකුත් කළ නිවේදනයකට අනුව, දැනට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් (Susan Coyle) එළඹෙන ජූලි මාසයේදී යුද හමුදාපති ධුරයට පත්වනු ඇති. ඇය ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් වෙනුවට එම ධුරයට පත්වීමට නියමිතයි. “ජූලි මාසයේ සිට, ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ වසර 125ක ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තා හමුදාපතිවරියක අපට ලැබෙනු ඇත,” යැයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළා. ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස්, කොයිල්ගේ මෙම පත්වීම “ගැඹුරු ඓතිහාසික මොහොතක්”…

Read More

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ගල් අඟුරු පිළිබඳව spot tenders ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයකුට ලබා දීමට ක්‍රියාකළ ආකාරය හඬපටයකින් හෙළි වී ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා. එකසිය පනස් නවයක් මන්ත්‍රීවරු විශ්වාසභංගය පරාජයට පත් කළත් එය නිමවී දින දෙකක් යද්දී තවත් හොරකමක් සිදුවන බවත් ක්ෂණිකව ටෙන්ඩර් පිරිනැමීමේදී ජනාධිපතිවරයාගේ හිතවතකුට එය ලබාදෙන ලෙස හඬ පටයකින් හෙළිවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර අතර හමුවක් ඊයේ (12) සිදුවුණා.එම හමුව සිදු වූයේ ඊයේ පැවැති අවමගුල් උත්සවයක දී. හිටපු පුවත්පත් කතුවරයකු වන අනුර සොලමන්ස් මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදුකෙරුණේ බොරැල්ල කනත්තේ දී. අනුර සොලමන්ස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දින සුගීෂ්වර බණ්ඩාර පැමිණියා. ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවත එළියට පැමිණෙන විට සුගීෂ්වර බණ්ඩාර දෙස බලමින් නලින්ද ජයතිස්ස “සුගීෂ්වර මොකද මේ අපිව දැකලා අහක බලාගෙන යන්නේ” යනුවෙන් පැවසුවා.ඉන් අනතුරුව සුගීෂ්වර නලින් ද ඇමතිවරයා දෙසට හැරුනා. “ඔයා මේ…

Read More

විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවය. ඊයේ (12) පස්වරුවේ අදාළ නෞකාව දිවයිනට පැමිණ ඇති අතර එහි අඩංගු දැවි තෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීමද ආරම්භ කර තිබේ.

Read More