Author: Bandara Senanayaka

අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර කිරීමට (Blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන සහ ඉන් පිටවන ඕනෑම නෞකාවක් නැවැත්වීමේ ක්‍රියාවලිය අමෙරිකානු නාවික හමුදාව විසින් ආරම්භ කරනු ඇති බවයි. එමෙන්ම, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරානයට කිසියම් හෝ මුදලක් හෝ ගාස්තුවක් (Toll) ගෙවන සියලුම නෞකා සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ අවහිර කරන ලෙස (Interdict) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නාවික හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙලෙස නීතිවිරෝධී ලෙස…

Read More

අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමෙරිකාවට ප්‍රසිද්ධියේම අභියෝගකළ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැදින්විය හැකිය. සතුරු බලපෑම් හමුවේ පසුබට නොවන, ඉරානයේ ‘දැඩි මතධාරී’ දේශපාලන ස්ථාවරයක් නියෝජනය කරන ගලීබාෆ්, ඉරාන හමුදාව, ආරක්ෂක සහ සිවිල් පාලන යන ත්‍රිත්ව අංශයෙන්ම ඉහළ තනතුරු දැරූ දැවැන්ත චරිතයක්ය. ඔහු අමෙරිකාව සමග පාකිස්තානයේ පැවති සාම සාකච්ඡාවලදී ද ඉරාන දූත පිරිසට නායකත්වය දුන්නේය. එම සාකච්ඡා සාර්ථක නොවූ පසුබිමක ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ, ඉරාන නියෝජිත කණ්ඩායමේ විශ්වාසය දිනා ගැනීමට අමෙරිකාව අපොහොසත් වී ඇති බවය. හමුදා පසුබිමක් ඇති ගතානුගතික ඉරාන දේශපාලනඥයෙකු වන ගලීබාෆ්, 2020 වසරේ මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරයි. 1961 වසරේ දී…

Read More

පසුගිය 08 වෙනිදා සිට මේ දක්වා මගීන් 55,000 දෙනෙකු පමණ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගම්බිම් හරහා ගොස් තිබේ. ඉන් වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේදී පිටත්ව ගිය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කියා සිටියේ, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද දින සැලසුම්ගත බස් සේවා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. “මගී ජනතාවට ආරක්ෂිතව හා සතුටින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවශ්‍ය ඩැඩපිලිවෙල මේ වනවිට සපුරා දී තිබෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 15ත් 20ත් කාලයකින් පිටත්වන අයුරින් දුරගමන් බස් රථ යොදවා තිබෙනවා. බලාපොරොත්තු වූ ආකාරයට කාලසටහන්වලට ලංගම සහ පෞද්ගලික බස් රථ යොදවා…

Read More

ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) හම්බන්තොට ප්‍රදේශයේ යෝධකන්ඩිය බෝධි මහා විහාරය, නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණවී ඇති තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායකවරයා කියාසිටියේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි අයුරින් විදුලිබිල, ‌ඉන්ධන, ගෑස් සහ ආහාර මිල…

Read More

බටහිර ඉවුරේ තුල්කර්ම් (Tulkarm) හි පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් පසුගිය සිකුරාදා විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ඉරිදා උදෑසන ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි එම රසායනාගාරය තුළ තිබී බට බෝම්බ (pipe bombs) 200ක් පමණ ඇතුළු වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය (IEDs) රැසක්, ගිනි නිවන උපකරණ, වාහනවලට සවිකර පුපුරුවා හැරීමට සකස් කරන ලද විශාල ගෑස් සිලින්ඩර සහ කිලෝග්‍රෑම් 50කට වැඩි වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය බටහිර ඉවුරේ සිටින ඊශ්‍රායල හමුදා භටයින්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව IDF පවසයි. එමෙන්ම අදාළ ප්‍රදේශයේ හමුදා ත්‍රස්ත…

Read More

නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් ‘1955’ අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය මේ බව පැවසීය. උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කරන බස්රථ තිබිය හැකි බවත්, එම බස් මගීන්ව සූරාකෑමකට ලක්කරන බවත් ඇය මෙහිදී සඳහන් කළේය. එලෙස බලපත්‍ර නොමැතිව කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බස්රථ 7ක් ඊයේ (11) නීතියේ රැහැන හසුකර ගැනීමට හැකිවූද ඇය පැවසීය. එම බස්රථ එම අවස්ථාවේදීම අධිකරණයට යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද ඇය මෙහිදී සඳහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වලට හෙට (13) දිනයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලටද පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ,වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

Read More

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැනීම් කිරීමට අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ අණදෙන නිලධාරියා සහ පොලිස් කොස්තාපල් රියැදුරෙකු කරදියනාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. කරදියනාරු පොලිස් වසමේ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී පෞද්ගලික ඉඩමක ඊයේ (11) අලුයම 05.00ට පමණ පිරිසක් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබු බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී, කැණිම්වල නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙක් ඇතුලු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම සඳහා…

Read More

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු නිලධාරීන් සඳහන් කරයි. 47 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන ඇය සතුව රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසකට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරු මත බව නිලධාරීන් පවසයි. සැකකාර කාන්තාව මත්ද්‍රව්‍යය සිරුර තුළ සඟවාගෙන පැමිණ ඇති බවටද අනාවරණය වී ඇත. ඇය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටී. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිවිශේෂ ප්‍රහාරක බලකාය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) 33 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 24 දෙනෙකු සිය දැඩි පුහුණුව නිමා කර විසිරයාම පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී අභිමානවත්ව පැවැත්වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී පුහුණුව නිම කළ නාවිකයන් වෙත නිල ලාංඡන පැළඳවීම සහ දක්ෂතා දැක්වූවන් ඇගයීම සිදු කෙරිණා. මෙම වසරේ පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක්වූ නාවිකයන් රැසක් නාවික හමුදාපතිවරයා අතින් සම්මාන ලැබුවා. ඒ අනුව, අතිශූර පුහුණු සාමාජිකයා සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය නැවි ඩබ්. එස්. ඒ. ප්‍රනාන්දු, හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය නැවි ජේ. එම්. ආර්. පී. ජයතිලක, හොඳම ශාරීරික යෝග්‍යතාකරු ලෙස සාමාන්‍ය නැවි…

Read More