Author: Bandara Senanayaka

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ් පතිරණ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බවට තොරතුරු වාර්ථා වනවා.ඒ, අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලබන විරෝධතා නොමැති සහතිකය (NOC) සඳහා අයදුම්කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.බොහෝ විට එම සහතිකය අද දිනයේදීම නිකුත් කරනු ඇති අතර, ඒ අනුව මතීෂ පතිරණ හැකි ඉක්මනින් ඔහුගේ අයි.පී.එල් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්ථා වුණේ.මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව මිල දි ගත්තා.විදෙස් ලිග් තරගාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතන මඟින් අනිවායර් කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට…

Read More

අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක් බැවින් අවුරුදු ක්‍රීඩා එළිමහනේ පවත්වන විට සැලසුම් සහගතව කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය ඒකක‍ය ජනතාව දැනුවත් කර තිබෙනවා. එහිදී වෛද්‍ය ධම්මික සේනානායක විසින් උපදෙස් කිහිපයක් ද ලබා දී තිබෙනවා. “අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක්, අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙලාවේක්‍රීඩා කිරීමේදී සංකූලතා ඇතිවෙනවා. සෙල්සියස් අංශක තිහට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති විය හැකි.උෂ්ණත්වය විසි හතයි තිස් දෙකයි අතර ඉන්නකොට ප්‍රවේසන් වෙන්න ඕනේ.41 වැඩි වුණත් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ.තරග සංවිධානය කරනකොට සැලසුම් සහගතව කරන්න ඕනේ.අධික උෂ්ණත්වය නිසා සංකූලතා ඇතිවෙන පිරිසක් ඉන්නවා.නිදන්ගත රෝග තියෙන වයස කට්ටිය සහ අවුරුදු දොළහට අඩු අය. අධික උෂ්ණත්වය…

Read More

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපලවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සොරකම් කරන ලද දේපලවලින් කොටසක් ද සමගයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිදුව ඇති අනර්ථය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතයි. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බස් නැවතුම්පළෙහි සුභ සාධක අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

Read More

නිව්යෝර්ක් — Manhattan District Attorney’s Office කාර්යාලය, ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයෙකු සහ කැලිෆෝනියා ආණ්ඩුකාර අපේක්ෂකයෙකු වන Eric Swalwellට එරෙහි ලිංගික ප්‍රහාර චෝදනාවක් සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නිලධාරීන් තහවුරු කර ඇත. මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත්තේ, ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක විසින් කළ චෝදනාවක් මතය. ඇය පවසන්නේ, 2019 සහ 2024 දී සිදුවූ අවස්ථා දෙකකදී, තමන් අධික මත්පැන් භාවිතයෙන් නිසා සම්පූර්ණ අනුමතිය ලබාදීමට නොහැකි තත්ත්වයක සිටියදී ලිංගික සම්බන්ධතා සිදුකළ බවයි. විශේෂයෙන්, 2024 දී New York City හි හෝටලයක සිදුවූ බව කියන සිද්ධිය, බරපතලම චෝදනාව ලෙස සැලකෙයි. Eric Swalwell මෙම සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, ඒවා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” සහ දේශපාලනික…

Read More

බුඩාපෙස්ට් — යුරෝපයේ මෙම වසරේ වැදගත්ම දේශපාලන මැතිවරණය ලෙස සැලකෙන හංගේරියානු මැතිවරණය, දිගු කාලයක් බලයේ සිටින අගමැති Viktor Orbánට ඔහුගේ දේශපාලන ජීවිතයේ දැඩිම අභියෝගය ඉදිරිපත් කරමින් ආරම්භ වී ඇත. 📌 මැතිවරණය වැදගත් වන්නේ ඇයි? මෙම මැතිවරණය, 2010 සිට අවුරුදු 16ක් පුරා බලයේ සිටින Viktor Orbánගේ පාලනය අවසන් විය හැකි අවස්ථාවක් ලෙස සැලකේ.ඒ සමඟම, එය හංගේරියාවේ අනාගතය — යුරෝපා සංගමය සමඟ සමීපව ඉදිරියට යාමද, නැතිනම් ජාතිකවාදී (nationalist) මාර්ගයකට යාමද — තීරණය කරන ඡන්දයක් ලෙසද දැක්වේ. 📌 ට්‍රම්ප් සමඟ සම්බන්ධය Viktor Orbán, Donald Trumpගේ සමීප දේශපාලන මිත්‍රයෙකු ලෙස සලකනු ලබන අතර, ගෝලීය දකුණු-දකුණු (far-right) ව්‍යාපාර අතර ඔහුට විශාල ප්‍රභාවයක් ඇත.ට්‍රම්ප් සහ ඔහුගේ…

Read More

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී, ගල් අඟුරු ආශ්‍රිත ගැටලු හේතුවෙන් ඇති වූ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතිකව තීරණය කර තිබෙනවා. ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ සැපයුමේදී ඇති වූ විවිධ තාක්ෂණික හා පරිපාලනමය ගැටලු හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගියද, එම බර සාමාන්‍ය ජනතාව මත පටවා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ගාස්තු සංශෝධන යෝජනාවලදී මෙම ගල්අඟුරු සම්බන්ධ පිරිවැය බැහැර කිරීමට නියමිතයි.

Read More

රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වටිනාකමින් යුත් විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොහු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී විසිතුරු පැළ 229ක් සොයා ගෙන ඇත.

Read More

සමගි ජන බලවේගයේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ 2026 වසර සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පත් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කළේ පසුගිය අප්‍රේල් 9 වැනිදායි.

Read More

මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ප්‍රදේශවයේ සිදුකළ වැටලීකමදී අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අසූ හතරයි මිලිග්‍රෑම් පනහක්, ජංගම දුරකථන දෙකක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සකස් කළ තරාදියක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මෑත කාලයේ බුත්තලින් සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවද අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේම පදිංචි හතලිස් හැවිරිදි අයෙකු බව සඳහන් වෙයි. සැකකරු වැල්ලවා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ…

Read More

සිංහල දෙමළ අලූ‍ත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි. මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට මෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඊයේ ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් පැමිණ තිබුණා. කෙසේ වෙතත්, පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ වෙත පැමිණි මගීන් චෝදනා කළේ ගම්බිම් වෙත යාමට අවශ්‍ය පරිදි බස් රථ නොමැති බවටයි. ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අදත් කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා. මේ අතර, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ, බස් ගාස්තු වැඩියෙන් අයකරන පුද්ගලයන් පිළිබද තොරතුරු ලබාදිය…

Read More