Author: Bandara Senanayaka

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ. පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය. ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය. කෙසේ වෙතත් සාම…

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් ‍දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ තැතක් ඇතැයි වාර්තා වීමත් සමග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. තමාව බූස්ස බන්ධනාගාරයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කිරීම වැළැක්වීම සඳහා චමින්ද මෙය මෙහෙයවා ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් ‍දෙමටගොඩ චමින්ද නැමැත්තා රඳවා සිටින්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය. එහි සිට ඔහු ජංගම දුරකථන මාර්ගයෙන් අපරාධ මෙහෙයවන බවට පසුගිය කාලය පුරා බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණි. ඒ අනුව දෙමටගොඩ චමින්ද වැලිසර නාවික හමුදා කඳවුර වෙත මාරු කිරීමට…

Read More

ආශා බෝස්ලේ ( Asha Bhosle ) මහත්මිය ශ්වසන ආබාධ සහ හෘද සම්බන්ධ සංකූලතා හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඇය ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි Breach Candy Hospital රෝහලට සෙනසුරාදා දින ඇතුළත් කර ඇති අතර, මේ වන විට Intensive Care Unit (ICU) හි ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා සඳහන් කරයි. රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසන්නේ, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හදිසි ලෙස අස්ථාවර වීමෙන් පසු මෙම ඇතුළත් කිරීම සිදු කර ඇති බවයි. වෛද්‍යවරුන් විසින් ඇය දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දෙන බවද සඳහන් වේ. මේ වන විට ඇයගේ පවුල හෝ වෛද්‍ය කණ්ඩායම විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. Asha…

Read More

නිතීශ් කුමාර්ගේ මහතාගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14 දිනට නියම කර ඇති බව ඉන්දියානු දේශපාලන වාර්තා පෙන්වා දෙයි. එයත් සමඟ, බිහාර් ප්‍රාන්තයට නව මහ ඇමතිවරයෙකු පත් කිරීමට නියමිතය. දේශපාලන වාර්තා අනුව, නව නායකත්වයට මාරු වීම අප්‍රේල් 14න් පසුව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, එම දිනය දේශපාලන හා සමාජමය වශයෙන් වැදගත් දිනයක් ලෙස සැලකේ. අප්‍රේල් 14 දින B. R. Ambedkar මහතාගේ උපන්දිනයට අනුව Ambedkar Jayanti ලෙස ඉන්දියාව පුරා සමරනු ලබයි. එය සමාජ සාධාරණත්වය හා දේශපාලන සංකේතමය වැදගත්කමක් දරන දිනයක් වන අතර, එදින සිදුවන නායකත්ව වෙනසට දේශපාලන අර්ථයක් ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. නිතීශ් කුමාර්ගේ මහතා දිගු කාලයක් බිහාර් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා…

Read More

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක ආතතිය තවදුරටත් උත්සන්න කරමින්, Iran විසින් නිකුත් කළ දැඩි අනතුරු ඇඟවීමක් අනුව ඇමරිකානු නාවික හමුදා නෞකාවක් හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් පසු ආපසු හැරී ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉරාන බලධාරීන් අනතුරු ඇඟවූයේ, හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම ඇමරිකානු හමුදා නෞකාවකට මිනිත්තු 30ක් ඇතුළත ප්‍රහාර එල්ල කළ හැකි බවයි. එම ප්‍රකාශයෙන් පසු, අදාළ නෞකාව එම මාර්ගයෙන් ඉවත්ව ගිය බවට වාර්තා පළ වී ඇත. මෙම ක්‍රියව සිදුකොට තිබෙන්නේ ඉස්ලමාබද් හි පැවැත්වෙන එක්සත් ජනපදය සහ ඉරානය අතර උසස් සාම සාකච්ඡා අතරතුරය. දශක ගණනාවකට පසුව දෙරට අතර සිදුවන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් ලෙස මෙය සැලකේ.…

Read More

මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. ඒ, පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේදීය. මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් ද එක්වෙති. සාම සාකච්ඡා හේතුවෙන් ආරක්ෂාව දැඩිකර තිබූ අතර ඉස්ලාමාබාද් නුවරට පිවිසෙන පුද්ගලයින් හා රථ වාහන ද අද (11) දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා. 1979 වසරෙන් පසු එනම් වසර 47 කට පසු අමෙරිකාව හා ඉරානය එක්ව සිදුකරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඍජු සාකච්ඡාව මෙය වීමත් විශේෂත්වයකි.

Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා බදු පැනවීමට ඉරානය ඉදිරිපත් කර ඇති යෝජනාවට බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැඩි විරෝධය පළ කර තිබෙනවා. මෙම නාවික මාර්ගයේ නිදහස් ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සහ ඉරානයේ කොන්දේසිවලට එරෙහි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය ලබන සතියේදී රටවල් රැසක සහභාගීත්වයෙන් යුත් විශේෂ හමුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්. ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ සටන් විරාමයේ කොන්දේසියක් ලෙස, එම මුහුදු සන්ධිය හරහා යන නෞකාවලින් මුදල් අය කිරීමට ඉරානය උත්සාහ කරමින් සිටින බව වාර්තා වී තිබුණේ.

Read More

ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිතයින් අතර සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා (14) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම හමුව සඳහා වොෂින්ටන් නුවර සිටින දෙරටේ තානාපතිවරුන් සහභාගී වනු ඇති. දශක කිහිපයකට පසු දෙරට අතර පැවැත්වෙන පළමු සෘජු රාජ්‍යතාන්ත්‍රික හමුව මෙය වීම විශේෂත්වයක්.

Read More

මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මාලදිවයින් ජනාධිපතිවරයාගේ එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. දෙරටේ ධීවර කර්මාන්තයට අදාළ අත්දැකීම් හුවමාරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මාලදිවයිනේ පවතින නැවුම් මත්ස්‍ය සම්පත් සහ ශ්‍රී ලංකාවේ දියුණුව පවතින Canned Fish කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක…

Read More

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා. පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා. ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා. විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව සිසුන් සහ සිසුවියන් කිහිපදෙනෙක් එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක් තුළදී සාදයක් පවත්වා තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි. එම සාදය අතරවාරයේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබු අතර, ගැටුමට මැදි වූ සිසුවෙක් එහිදී මියගියා. ගැටුම අතරවාරයේ සිදුවූ පහරදීමක් මරණයට හේතුවී තිබූ බවට මූලික විමර්ශණවලදී…

Read More