Author: Bandara Senanayaka

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය ඊයේ(10) දිනයට යෙදී තිබුණු අතර එදින ඔහුට යම් අකරතැබ්බයක් සිදුවූ බව වාර්තාවනවා. නාමල්ට සුබපතා ලැබුණු අතිවිශාල ඇමතුම් හා පණිවිඩ නිසා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුම අක්‍රිය වුණා . මෙම අක්‍රියවීම තාවකාලික සිදුවූ අතර ඉතා ඉක්මනින් වට්ස්සැප් ගිණුම යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණා. නාමල් සාමාන්‍යයෙන් සෑම උපන් දිනයකම ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම සිරිතක් ලෙස සිදුකරන අතර ඊයේ දිනයේදී ද එම වන්දනාමාන කටයුතුවල නාමල් නිරත වුණා. මීට අමතරව මිහින්තලය කටු සෑයද නාමල් විසින් වැද පුදා ගනු ලැබුවා. මෙවර උපන් දිනයට…

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් අතර පැවැති සාකච්ඡාවකදී, ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානය දරන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය බ්‍රිතාන්‍යයේ ඇගයීමට ලක්ව තිබෙනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළ බවයි. එහිදී දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම නායකයන් දෙපළම අවධාරණය කර තිබෙනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහන

Read More

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්  පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

Read More

උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12:00 සිට ලබන 18 දක්වා මෙය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මේ කාලසීමාවේදී ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක බවයි සඳහන්.

Read More

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම, මහජන උපයෝගිතා කොමිසමට කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් බාර දී තිබෙනවා. විශේෂයෙන් බාල ගල් අඟුරු මගඩියේ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නවත්වන්නැයි ඉල්ලා මෙම ලිපිය භාරදී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින්. 2026 දෙවෙනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කලමනාකරන සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර. එහිදී රුපියල් බිලියන 41ක පිරිවැය හිගයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% – 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි. තවද පිරිවැය හිගයෙන් රුපියල් බිලියන 20.5 ක්…

Read More

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ. සමගි ජන බලවේගයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ඒ හේතුවෙන් බස්රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබේ. කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති අතර, ඒ හේතුවෙන් මඟී ජනතාවට පහසුවෙන් සිය ගමනාන්ත කරා යාමට අවස්ථාව සැලසී ඇත. #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය. මේ සඳහා අමෙරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක්ද මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටියි. කෙසේ නමුත් සාකච්ඡා ආරම්භවීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඔහු පවසා ඇති බව වාර්තාවේ. ඉරානයට…

Read More

සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමා කළ ‘Artemis II’ යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්ස වූ බව විදෙස් පුවත් වාර්තා කරනවා. දින දහයක සාර්ථක සඳ ගවේෂණයකින් පසුව මෙම යානය අද (11) අළුයම් කාලයේදී ගොඩ බස්වා තිබෙනවා. යානය පතිත වූ ස්ථානයට ඉහළින් රැඳී සිටින හෙලිකොප්ටර් යානා මගින් ගගනගාමීන් එක් අයෙකු බැගින් එළියට ගෙන තිබෙනවා. මෙම හෙලිකොප්ටර් මගින් කාර්ය මණ්ඩලය අමෙරිකානු නාවික හමුදාවට අයත් USS John P. Murtha නෞකාව වෙත රැගෙන යනු ඇති අතර, එහිදී ඔවුන් මෙහෙයුමෙන් පසු සිදු කරනු ලබන සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමට නියමිතයි. එසේම ගගනගාමීන් සිව්දෙනා නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. යානය පෘථිවි…

Read More

රජරටින් කලා ක්ෂේත්‍රයට පිවිසි මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධ ප්‍රවීනා දිසානායක මේ දිනවල තායිලන්තයේ ෆි ෆි දූපතේ සංචාරයක නිරත වේ .ඇය එහි ඇගේ රූසපුව මනාවට දිස්වන අයුරින් ලබාගත් ඡායාරූප කිහපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත. නමුත් සැමදෙනාටම කුතුහලයක් මතුවී ඇත්තේ එම ඡායාරූප ලබාගත් තැනැත්තා ඡායාරූප ශිල්පියෙකු ද නැතහොත් ඇයට කහ පැහැති ටෙයෝටා කාර් රථය ලබා දුන් අත්භූත පුද්ගලයාද යන්නයි. නමුත් එම ඡායාරූපශිල්පියා ගේ කිසිදු හෙවනැල්ලක් වත් ඡායාරූපයේ නොමැතිව එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ප්‍රවීනා ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේසම් වී ඇත. ඇයගේ සියලුම ඡායාරූප නරඹන්න

Read More