Author: Bandara Senanayaka

අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (9) අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගත් නව යතුරුපැදිය පසුගියදා (8වැනිදා) අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන්. එහිදී එම පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් රු.10,000ක මුදලක් ඉල්ලා, එපමණ මුදලක් පැමිණිලිකරුට ලබා දීමට නොහැකි බවට දන්වා සිටි අවස්ථාවේදී, සැකකරු අරක්කු බෝතලයක් ඉල්ලා ඇත. එය ලබාදෙන තෙක් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එ අනුව ඔහු අප්‍රේල් 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ. වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

Read More

මැදපෙරදිග යුද ගැටුම් තුන්වන කාර්තුව සදහා පැවතියහොත් මෙම වසරේ ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය 4. 7% දක්වා පහත වැටිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය වසරේ එය දැක්වුණේ 5.4% ක් ලෙසයි. එසේම, මෙම වසරේ උද්ධමනය, 2025 වසරේ පැවති 3% මට්ටමේ සිට 5.6% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව සදහන් කළා. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයට STF ආරක්ෂාව ඇතුළු පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂ කාර්යාලවලටද එවැනි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා අද(10) දිනයේදී පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා. ජනපතිවරයා සහ අගමැතිවරිය පැලවත්ත පක්ෂ මූලස්ථානයේ සිටින විට ආරක්ෂාව ලබා දුන්නාට ගැටළුවක් නොමැති බවත් නමුත් ඔවුන් දෙදෙනා නොමැති අවස්ථාවලදී ද දිගටම පැලවත්ත පක්ෂ මූලස්ථානයට ආරක්ෂාව ලබාදී තිබෙන්නේ කුමන පදනමකින්ද කියා තමා විමසන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන විට එවකට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාවක් මේ ආකාරයෙන්…

Read More

හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ. අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි. එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත. කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි. එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ. එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි…

Read More

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවක් ආරම්භ කර තිබේ. විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු රථවාහන තදබදයක් ඇති වී ඇති බවද වාර්තා වේ. ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නියැලෙයි. මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා, මුජිබුර් රහුමාන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ. විරෝධතාවය හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති අතර එහි මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.  #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ. අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews…

Read More

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo 

Read More

අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාවක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමග තමන්ට කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොතිබූ බව අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසයි. එප්ස්ටයින් ඇයව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවත්, ඔවුන් හා මෙලනියා ට්‍රම්ප් අතර හිතවත්කමක් තිබූ බවටත් පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයකදී සිදුකරමින් ඇය මේ බව පැවසීය. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල පදනම් විරහිත බවය. “පැහැදිලිවම කිව්වොත් මම කිසි විටෙකත් එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය (ගිස්ලේන්) මැක්ස්වෙල් සමග හිතවත්කමක් පවත්වා නෑ” ඇය පවසයි. මේ අතර ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇති සම්බන්ධතා ප්‍රතික්ෂේප කරමින්,…

Read More

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි බවත්, පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බවත් වාර්තා වේ. පහරදුන් මන්ත්‍රීවරයා කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂාවක්, විනය විරෝධී ලෙස සිදුකළ බවට නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා අද (9) සභාවාරයේදී විවේචනාත්මක අදහස් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් එම අවස්ථාවේ වැලිවත්ත මන්ත්‍රීවරයා සභාගර්භයේ නොසිට ඇති අතර, පසුව ඔහු එය දැනගැනීමෙන් අනතුරුව මෙම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ගැටුමෙන් රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ…

Read More