Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලාවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගනිමින් සිටින බව එම අධිකාරිය පවසයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පසුගියදා මීනගයා රාත්‍රී දුම්රිය තුළ පිහිටි ආපන ශාලාවක් හදිසි වැටලීමකට ලක් කර ඇති අතර, එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වේ.…
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුනි. මෙම පැමිණිල්ල අද (09) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතා සමග පෙනී සිටි නීතිඥ කාංචන පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු ඉල්ලීම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන…
2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි. අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් “පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ. 2018.11.30 දින…
අල් ජසීරා මුබාෂර් (Al Jazeera Mubasher) සේවයේ ගාසා වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් විෂා ඊයේ (08) ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-රෂීඩ් වෙරළබඩ පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරයත් සමග ඔහු ගමන් කළ මෝටර් රථය ගිනිගෙන විනාශ වූ බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ. 2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සිටම ඊශ්‍රායලය දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් අවම වශයෙන් 262 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා…
ඉරානය නව ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් සියලුම අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ‘Truth Social’ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, “දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමතර පතොරම්, අවි ආයුධ සහ අනෙකුත් සියලුම දෑ සමඟින්, සියලුම අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටිනු ඇත. ඒ ඔවුන් අප ඇති කරගත් ‘සැබෑ ගිවිසුමට’ සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් පමණි.” යනුවෙන්. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo…
ඇමරිකාව විසින් ආක්‍රමණශීලී ක්‍රියාවන් නතර කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිත ගමනාගමනය සඳහා යළි විවෘත කරන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සායිද් ඛාතිබ්සාදේ පවසනවා. ඉරානය සෑම විටම ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් මෙම සමුද්‍ර සන්ධිය ගල්ෆ් කලාපීය යුද නැව් විසින් අවභාවිත කිරීම තමන් පිළි නොගන්නා බවයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo
එළැඹෙන නුවරඑලියේ වසන්ත සැණකෙළිය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සැළසිමේ අරමුණින් නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (09) දින නුවරඑලිය නගරයේ වෙළෙඳසල් හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා. නුවරඑලිය නගරයේ ආපනශාලා, තොග සහ සිල්ලර වෙළෙඳසල්, බේකරි පරික්ෂාවට ලක් කළ අතර, මෙහිදි පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම අපිරිසිදු ආකාරයෙන් වෙළෙඳසල් පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආපනශාලා පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආහාර ද්‍රව්‍ය පිලියෙල කිරිම සහ ආහාර ද්‍රව්‍ය වල ලේබල් නොමැතිව අලෙවි කිරිම යන චෝදනා ගොනු කරන බවයි පවසන්නේ. වෙළෙඳසල් හිමියන් විශාල පිරිසකට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිම වැටලීමට එක් වූ…
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වැය වන පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් (Verite Research) ආයතනය පවසනවා. ඒ අනුව, එම ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk වේදිකාව මගින් සිදු කළ විශ්ලේෂණයකට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී අවුරුදු කැවිලි පිරිවැය 7.0% කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය රටේ පැවති වසංගත තත්ත්වයට සහ ආර්ථික අර්බුදයට පෙර, එනම් 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක වැඩි වීමක් ලෙසයි එහි සඳහන්. සමස්ත පිරිවැය ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම බවත්, මුළු පිරිවැය වැඩිවීමෙන් 80% කටම…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව මේ වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කරනවා.අද (09) උදෑසන කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවා.මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මෙසේද ප්‍රකාශ කළා.”හෙට(10) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට භාජනය වෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමතිතුමාට විරුද්ධව තමයි ඒ විශ්වාසභංගය ගේන්නෙ.””දැන් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අභූත ස්ථාවරයක්. රජය වෙනුවෙන් කෙරෙන ප්‍රකාශවල සඳහන් වන්නේ ‘මෙතන කිසිම ගැටලුවක් නැහැ, ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ ගැන කිසිම පියවරක් ගැනීම අවශ්‍ය…
මතුගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකු, රාජකාරී නියුතු පොලිස් සැරයන්වරයා සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේදී එය ක්ෂණිකව තල්ලු කර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඊයේ (08) රාත්‍රී කාලයේදී මෙලෙස පලා ගොස් ඇත්තේ ‘මතුගම ඉද්දගොඩ කට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ. අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් සන්තකයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි මොහු සිරමැදිරියේ රඳවා සිට ඇති අතර, එම අවස්ථාවේදී බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගත් වෙනත් අයෙකු සිරමැදිරිය තුළට දැමීම සඳහා නිලධාරියා දොර විවෘත කර තිබෙනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු නිලධාරියාව තල්ලු කරමින් සිරමැදිරියෙන් එළියට පැන පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා. පලායමින්…
