Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි,ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි. මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා. ” විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා,අමතර ගල් අඟුරු සඳහා පමණක්…
ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල මන්දිරය යළිත් තහවුරු කර තිබේ. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ, ඉරාන නාවික හමුදාව විනාශ කර ඇති බවත්, ටෙහෙරානයේ ආරක්ෂක කාර්මික පදනම සහමුලින්ම අතුගා දමා ඇති බවත්ය. එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ද ව්‍යර්ථ කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ. ධවල මන්දිරය නිකුත් කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ. “කළාපයට තර්ජනයක් වීමට ඉරානයට තිබූ හැකියාව ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත.” #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් අනාගතය තවදුරටත් හැඩගස්වමින්, MyDialog App හරහා භාවිත කළ හැකි ‘ගනුදෙනු QR’ සේවාව හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම නවතම QR මුදල් ගෙවීම් සේවාව හරහා Dialog Finance සහ eZ Cash ගිණුම් මගින්, ක්ෂණිකව තවත් ඕනෑම ගිණුමකට මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ. ඒ අනුව, සෘජු වෙළෙඳ ගනුදෙනු අභිබවා පුද්ගලයින් අතර සිදුකෙරෙන පෞද්ගලික ගනුදෙනු සඳහාද ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරගත් මෙම නවතම ක්‍රමවේදය හරහා පහසුව සලසා තිබේ. ඉන්, ශ්‍රී ලංකාව සම්බන්ධතාවෙන් යා කරන අතරම, මුදල් රහිත ගනුදෙනු සංස්කෘතියක් හා ඩිජිටල් අන්තර්කරණයෙන් යුත් සමාජයක් ගොඩනගමින්, රටේ ඩිජිටල්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් ඊයේ දින (08) දිනයේ දී වාර්තා විය.මැදපෙරදිග යුද උණුසුම හමුවේ පසුගිය සති කිහිපය පුරාවට ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ කඩා වැටුණු අතර ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් හුවමාරුවට ද එම බලපෑමෙන් අත්මිදීමට නොහැකි වූ බව පසක් කරමින් 2026 මාර්තු මාසය තුළ දී පමණක් 11.24%ක පසුබෑමක් වාර්තා කළේය. කෙසේවෙතත් මේ වන විට මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක යුද විරාමය හේතුවෙන් අද දිනයේ දී ගෝලීය කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම සාර්ථක අයුරින් ප්‍රතිචාර දැක්වීමට සමත් වූ අතර ඒ අනුුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 885.14ක දැවැන්ත වර්ධනයක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට නිකුත් කර තිබෙනවා.එම වැටුප් පතෙහි සඳහන් අගය පසුගිය මාසයේ ලැබුණු වැටුප බවයි ඔහු සමාජ මධ්‍යයේ සඳහන් කර ඇත්තේ.ඒ අනුව, සියලු කපා හැරීම්වලින් අනතුරුව ඔහුගේ මූලික වැටුප රුපියල් 395,861.22ක් ලෙසයි එහි දැක්වෙන්නේ.
300% කින් ජීවන වියදම වැඩිවී ඇති නිසා ඊට සාපේක්ෂකව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට ක්‍රියාකරන්නේ කවදාද කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද(08)දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කල්,තැබීමේ විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා. ”මාස 6 න් 6ට වැටුප් වැඩිකරනවයි කියලා මැතිවරණයට කලින් මාලිමාව ප්‍රකාශ කළා.ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉන්ධන, විදුලිය,ගෑස් මිල වැඩිවෙලා. ඊට සාපේකෂව ජීවන වියදම 300% කින් ඉහළ ගිහිල්ලා.ඉහළ ගිය ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිවනතුරු ජනතාව බලා සිටිනවා.පෞද්ගලික අංශයේත් ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකිරීමට රජය මැදිහත් විය යුතුයි.” බාල ගල්…
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් නිසා සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරිමට විශ්ව විද්‍යාල පාලධිකාරිය පියවර ගෙන තිබෙනවා.තාක්ෂණ පිඨයේ සිසුන් පිරිසක් විසින් ඉකුත් (04) වැනි දින රාත්‍රි ඩි.ජේ සංගිතයක් පවත්වා ඇති අතර එම ස්ථානයට කළමණකාර පීඨයේ සිසුන් පිරිසක් පැමිණීමත් සමග මේ ගැටුම ඇතිවි ඇතැයි වාර්තා වෙනවා. පසුව අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් දිසානායක ඇතුලු කණ්ඩායමක් විශ්ව විද්‍යාලය තුළට ගොස් ගැටුම සමථයකට පත්කර තිබෙනවා.ඒ අනුව කළමණාකරණ පීඨයේ තෙවන වසර සහ සිව්වන වසරේ සිසුන් 10 දෙනෙකු ගේ පන්ති තහනම් කර කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණා. ඒ අනුව එම සිසුන් 10 දෙනා…
මරදන්කඩවල, කොල්ලකුට්ටිගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබූ අනාරක්ෂිත ජල වළකට වැටීමෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (07) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවා තම සහෝදරයන් දෙදෙනෙකු සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවෙසක පරෙවියන් ඇල්ලීම සඳහා ගොස් ඇති බවයි.එහිදී ක්‍රීඩා කරමින් සිටියදී දරුවා නොසිතූ ලෙස මෙම අනතුරට මුහුණ දී ඇතැයි ද පොලිසිය පවසනවා. අදාල ඉදිකිරීම් භූමියේ තිබූ අඩි 07ක් පමණ ගැඹුරු, ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට දරුවා වැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.මියගිය දරුවා මරදන්කඩවල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 06ක පිරිමි…
ඊයේ(7) දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් පුද්ගලයන් 28142 ක් පරික්ෂා කර 585ක් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම කොට්ඨාශ මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙනවා. මේ දිනවලදී සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී රථවාහන සහ වෙනත් වැරදි සඳහා 4301 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.තවද දිවයින පුරා කරන ලද විමර්ශනවලින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් නිසා සැකකරුවන් 69 දෙනෙකු සහ බීමත් රියදුරන් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස්…
