Author: Bandara Senanayaka

යාල ජාතික වනෝද්‍යානයේ සිටි “ලුකස්” නමින් හැඳින්වූ ප්‍රසිද්ධ කොටියා සපාරි ජීප් රථයක ගැටී සිදු වූ අනතුරක් සිදුව ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක ජනරාල් රංජන මාරසිංහ පවසන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි. එම කොටියා අසලින් ධාවනය වූ බවට විශ්වාස කර සපාරි ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා උද්‍යාන පාලක විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද බව ද සඳහන් වෙනවා. අදාල සපාරි ජීප් රථයේ රියදුරු වැරදිකරු වුවහොත් වන ජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රියදුරට එරෙහිව…

Read More

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය. ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩාමාදුව…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊශ්‍රායලයේ ‘චැනල් 12’ (Channel 12) පුවත් සේවය උපුටාගමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ කරමින් පවතින පසුබිමකය. මෙහිදී, ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන ඉලක්ක වූ බව සඳහන් වේ. මේ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. කුවේට්, එක්සත් අරාබි එමීර්…

Read More

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. මෙම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජනය මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මේ සමඟ, ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කෙරී ඇති අතර, එමඟින් සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වයත්, සමාගම තුළ පවතින ශක්තිමත් පාලන ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන දිගුකාලීන කැපවීමත් පිළිබිඹු වේ. කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රයිම්…

Read More

බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම් පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන් ලබා ගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. අද වන විට දියුණු ලෝකයක ප්‍රමුඛතම සාධකයක් බවට පත්ව ඇති කෘත්‍රිම බුද්ධිය බව සඳහන් කළ හැකිය. IDC දත්තයන්ට අනුව පසුගිය වසරේ AI යෙදුම් සහ උපාංගයන්හි සුවිසල් වර්ධනයක් දක්නට හැකි වූ අතර ගෝලීය වශයෙන් මාසිකව බිලියන 1කට වැඩි සක්‍රීය…

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යූහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත. එමෙන්ම, රාජ්‍ය ආයතන බොහෝවිට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ. එයට පිළියමක් වශයෙන්, 2025-10-21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ‘ඩිජිටල් සංවර්තන වැඩසටහන – අදියර 1’ හි තුන්වන කාර්ය ප්‍රවාහය යටතේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම (GovTech App/Service Marketplace) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එමඟින්, ඩිජිටල්…

Read More

ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ජාතික ගුරු සම්මාන උළෙල (National Educator Awards – NEA) සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. NEA සම්මාන උළෙල යනු, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති විශිෂ්ට ගුරුවරුන් ඇගයීම සඳහා වන පිළිගත් සම්මාන උළෙලකි. ශ්‍රී ලංකා…

Read More

BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි. පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වී ඇත. එමෙන්ම, මීට පෙර රටේ පැවති විදුලිය බිඳවැටීම් පිළිබඳ අත්දැකීම් සමඟින් මෙම පරිවර්තනය ඉතා සැලකිලිමත්ව කළමනාකරණය කිරීම වැදගත් වේ. මෑතකදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් විදුලිය අරපරිස්සමෙන් භාවිතා කිරීමේ…

Read More

නාමල් රාජපක්ෂගේ Facebook සමාජ මාධ්‍ය ගිණුමේ ”ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ෂය ලැබූ උතුම් වූ ශ්‍රී පාදස්ථානය කරුණා කළෙමි”. යනුවෙන් සටහනක් තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පා.ම නාමල් රාජපක්ෂ අද උදෑසන සිරිපා කරුණා කොට,උදෑනස තේවාව සදහා සහභාගී වී ශ්‍රී පාද පත්මය වැද ආශිර්වාද ල⁣බාගෙන ඇති අතර සෑම වසරකම ඔහු මෙම උතුම් වූ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් සහභාගී වන අර එම අවස්ථාව සදහා පා.ම ඩී.වී චානක,හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හා පොදුජන පෙරමුණේ තරණ නායකයින් රැසක්ද සහභාගී කර ඇති බැව් සදහන්වේ. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #SriLanka #NamalRajapaksa #Political #SocialDemocracy #SLPP

Read More

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින අංශයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ පහක් (05) අද (07) දහවල් සොයාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසනවා. බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට මෙම ජීව උණ්ඩ තොගය හමු වී තිබෙනවා. අදාළ කාන්තා සිරමැදිරි අංශයේ සිදු කළ පරීක්ෂාවේදී අයිතිකරුවෙකු නොමැතිව සඟවා තිබියදී මෙම උණ්ඩ සොයාගත් බවයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පැවසුවේ. අදාල ජීව උණ්ඩ මේ වන විට බන්ධනාගාර අධිකාරිවරයාගේ භාරයට ගෙන තිබෙනවා. මෙම උණ්ඩ තොගය ඉතා දැඩි ආරක්ෂාවක් සහිත කාන්තා රැඳවියන් රඳවා සිටින අංශයකට ලැබුණේ කෙසේද සහ ඒවායේ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ සහ නිලධාරීන් විසින් පුළුල් විමර්ශනයක්…

Read More