Author: Bandara Senanayaka

අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වහාම අඩු කර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව, කෙටි කාලයක් තුළ අත්‍යවශ්‍ය සේවාවන් තුනක (ගෑස්, ඉන්ධන, විදුලිය) මිල ඉහළ දැමීම හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි මානසික සහ ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවත්, රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් අඩාල විය හැකි බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ පෙන්වා දීම් රජය ප්‍රතික්ෂේප කළද, අද වන විට එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා පිට පටවා ඇති…

Read More

HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. පසුගිය වසර පුරාවට සමාගම අත්කරගත් ශීඝ්‍ර වර්ධනයට සෘජුවම දායක වූ සේවක කැපවීම සහ ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි. HUTCH සමාගම විදුලි සංදේශ කර්මාන්තයේ පවතින සාම්ප්‍රදායික රටාවන් අභියෝගයට ලක් කරමින් වේගවත් වර්ධන මාවතක ගමන් කරමින් සිටී. ආයතනික සංස්කෘතියේ පෙරළියක් ඇති…

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ලබන සතියේ ගෝලීය මූල්‍ය ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ. ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව සිදුව ඇති බවද ඇය සඳහන් කළාය. අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතය. …

Read More

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පවත්වා තිබේ. එහිදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම මෙහිදී IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු‍කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මේවන විට දින 90ක රැඳවුම් නියෝග මත ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ සිටියි. එම අත්අඩංගුවට ගැනීම…

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හෙට වනවිට යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් තර්ජනය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. #newsforcelk #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews#newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo 

Read More

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බවත්, එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගයීමක් සිදුකර ඇති අතර, ඒ අනුව වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක්…

Read More

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි. මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා…

Read More

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනුවන් සමරනු ලබන අතර ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වේ. ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය…

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් අප්‍රේල් 2වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසීය. ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More