Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ වැටලීම් තුනකදී බලපත්‍ර නොමැතිව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මුලරස්ථානය සඳහන් කරනවා. කල්මුණ පොලිස් වසමේ මාදවන් පාර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 4,620ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. බැරල් 22ක අසුරා තිබූ මෙම ඉන්ධන තොගය සමඟ කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසනවා. මේ අතර, උඩදුම්බර පොලිස් වසමේ වෑතලාව හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 30ක් සන්තකයේ තබාගෙන සිටි 47 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට…
ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලින් 2025 වසරේ දී ළමා අපචාර සිද්ධීන් 86ක් වාර්තා වී ඇති බව ඇල්පිටිය පොලිස් කාන්තා කාර්යාංශය පවසනවා. එම සිද්ධීන්වලින් සිසුවියන් හය දෙනකු ගැබිනියන් බවට පත් වී ඇති බවත් ජංගම දුරකථන භාවිතය හේතු කොට ගෙන බොහොමයක් සිද්ධීන් වාර්තා වී ඇති බව ඇල්පිටිය පොලිස් කාන්තා කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසනවා. පසුගියදා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව සංවිධානය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් සඳහා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ළමා ඉතුරුම් සුරකුම් සම්බන්ධව පැවැත් වූ වැඩමුළුවකදීපොලිස් කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් නිශාධි ලක්මාලි මහත්මිය එසේ පැවසුවා. ඇල්පිටිය ප්‍රාදේශීය…
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීමට යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ තම ක්‍රීඩා ජීවිතයෙන් සමුගන්නා ප්‍රවණතාවක් පවතින බව වාර්තා වනවා. එම තත්ත්වය අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා රඳවා ගැනීම, උසස් කාර්ය සාධනයක් පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍රිවිධ හමුදාව තුළ ලබා දිය හැකි ස්ථිර රැකියා…
එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විදුලි බල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා දී ඇති බවය. ඒ අනුව එළැඹෙන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. “විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ…
නවතම ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩි වී තිබෙනවා. මේ බව අනාවරණ වන්නේ 2024 ජන හා නිවාස සංගණනයේ වාර්තාව අනුවයි. එමෙන්ම මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් ද දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 දෙසැම්බර් මස 19 වැනිදා ආරම්භ වූ අතර, ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කරමින් මෙම සංගණනය සිදුකිරීම විශේෂත්වයක්. එහි අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදුන්නා. මෙවර සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක්…
පසුගිය ආණ්ඩු විසින් ඉන්ධන හා ගෑස් මිල වැඩි කරන විට මුළු රට පුරා විරෝධතා පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නොමැතිව අතිවිශාල මුදලකින් විදුලිය හා ගෑස් මිල වැඩි කිරීමට ක්‍රියාකර ඇති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මේ බව පැවසුවා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසුවා. ‘‘ජාතික ජනබලවේග ආණ්ඩුව විශාල පොරොන්දු ගණනාවක් ජනතාවට ලබාදී ජනතාවගේ ඡන්දය මංකොල්ල කන්න කටයුතු කළා. ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන වසරකට වැඩි කාලයක් ගත වී ගොස් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව…
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරකෙු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යඛක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.
වත්මන් ගෝලීය යුදමය තත්ත්වය නිසා මෙරට ඉන්ධන ආරක්ෂාව තහවුරු කිරිම, ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම සහ අනාගතයේ දී ඇතිවිය හැකි අර්බුධයක දී ඉන්ධන කළමනාකරණය ගැන රජයේ වත්මන් ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසනවා. මෙරටට ඉන්ධන ආනයනය ගොඩබෑම සහ ප්‍රවාහනය සදහා දැරීමට සිදුවන පිරිවැය එක් එක් ඉන්ධන වර්ගය යටතේ ඉදිරිපත් කරන ලෙසත් මේ පිරිවැය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද සජිත් ප්‍රේමදාස සඳහන් කළා. විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන බවට මැතිවරණ පොරොන්දුවක් තිබුණත් එය ක්‍රියාත්මක නොවන බවත් දැන්වත් ගොඩබාන මිලටම ඉන්ධන ලබා නොදෙන හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා…
ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) දැඩි ලෙස රෝගාතුරව හෝ සිහිසුන්ව සිටිය හැකි බව රාජ්‍යතාන්ත්‍රික සටහනකින් (Diplomatic memo) හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය. වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. “එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව…
