Author: Bandara Senanayaka

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (8) සිට නැවත ආරම්භ කෙරේ. ඒ අනුව එම මාර්ගම ඔස්සේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය කිහිපයක් ද කාලසටහනට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක් මැදපෙරදිග කලාපය තුළ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි – ජනපති ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය කනස්සල්ල…

Read More

අමෙරිකානු – ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු, අද (08) උදෑසන සිට හිස්බුල්ලා සංවිධානය මෙලෙස ප්‍රහාර නතර කර තිබේ. හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කළද, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනතාවට ඉවත් වන ලෙස තවමත් නියෝග නිකුත් කරමින් සිටින බව සඳහන් වෙයි. ඊශ්‍රායලය පවසන්නේ මෙම සටන් විරාම ගිවිසුමට ලෙබනනය ඇතුළත් නොවන බවයි. මෙම සටන් විරාමය පිළිබඳව සහ “ලෙබනනය මෙයට ඇතුළත් නොවේ” යන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට…

Read More

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවා නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස “1930” ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළිදක්වා ඇත. ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළි දැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය වන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) එම දෙපාර්තමේන්තුවේදී සිදු විය. මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම තොරතුරු ලබාගත හැකි, පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය සහ මහජනයා අතර පවතින සන්නිවේදන පරතරය…

Read More

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවය. NDB බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බවය. සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද බැංකුව පවසයි. මෙම වංචාව බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට සීමා වූ අතර, එයට සේවකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් හඳුනාගෙන ඇත. සිද්ධිය අනාවරණය වූ වහාම අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති අතර, සාක්ෂි සහ වාර්තා ආරක්ෂිතව රඳවාගෙන…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (08) දහවල් 12ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගුවන බව සඳහන් වෙයි. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, අකිල ජයරත්න මහතා පවසා සිටියේ, මැයි මාසයේ සිට නව ඇණවුම් සඳහා 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බවය. රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා වැට් බද්ද හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් දැනට ඇණවුම් කරන ලද කෑම වට්ටෝරු සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදුකරන බවද එම සංගමය පවසයි. භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, කර්මාන්තය රැක ගැනීම සඳහා මෙම තීරණය…

Read More

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මධ්‍යස්ථානය නිවේදනය කළේ, හෙට උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය. මේ අතර, අද (08) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම, පාදුක්ක පාර -ගොඩගම සිට ලියන්වල පාලම, අතුරුගිරිය පාර ගොඩගම සිට හබරකඩ, දාම්පේ හොරගල පාර,…

Read More

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ. විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය. වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි. 2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී…

Read More

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.

Read More