වර්තමානයේ ක්‍රියාත්මක වන සටන් විරාමය අවසන් වීමට පෙර, එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා සඳහා සත්කාරකත්වය සැපයීමට පාකිස්ථානය සූදානම් බව වාර්තා වෙනවා.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මෙම සාකච්ඡා වටය පැවැත්වීමට එරට රජය යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කලාපීය නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාම කාලය අවසන් වීමට පෙර රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹීම මෙම යෝජනාවේ මූලික අරමුණයි.
පළමු වටයේ සාකච්ඡාවලදී යුරේනියම් සාරවත් කිරීමේ කාලසීමාව සම්බන්ධයෙන් මතුවූ එකඟ නොවීම් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

