හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චිගෙන් දුරකථන ඇමතුමක් හරහා ඉල්ලා සිටි බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සතු ස්වෛරීභාවය සහ ආරක්ෂාවට ගරු කළ යුතු අතරම එය සුරැකිය යුතු බවත්, ඒ සමගම නාවික ගමනාගමනයේ නිදහස සහ ආරක්ෂාව ද සහතික විය යුතු බවත්, වැන්ග් එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
මෙම ජල මාර්ගය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම කෙරෙහි පුළුල් ජාත්‍යන්තර උනන්දුවක් පවතින බව පැවසූ වැන්ග්, කලාපීය රටවල් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කිරීමට සහ සබඳතා වර්ධනය කිරීමට අඛණ්ඩව සහාය වීමට චීනය සූදානම් බව ද වැඩිදුරටත් පවසා ඇති බවයි අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ

