රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ ප්රකාශ කළා.
ඉරාන සහ රුසියානු ඉන්ධන අලෙවිය සඳහා පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් ලබාදුන් සහන කාලය මෙම සතියෙන් අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති කළ විමසීමකට ප්රතිචාර දක්වමිනුයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයා මේ බව කියා සිටියේ.
මෙම කාල සීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අමෙරිකාව දැනුම් දී ඇති බව විදෙස් මාධ්ය ඊයේ වාර්තා කළා.
ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්රායල යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුම් සඳහා එල්ල වී ඇති පීඩනය ලිහිල් කිරීමට ට්රම්ප් පරිපාලනය විසින් දින 30ක කාලයක් සඳහා මෙම සහනය ලබාදුන්නේ පසුගිය මස 20 වැනිදායි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ චීනය, ඉන්දියාව වැනි රටවල් රුසියාව සමග ඇතිකරගත් ගිවිසුම්වලට සමාන ගිවිසුමකට එළඹිය හැකි ද යන්න පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවයි.

