Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එක්ස් සටහනක් තබමින් සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවය. එහිදී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත. දෙරට සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. ඉන්දියානු නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද උප ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර අදහස් හුවමාරු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය…
කෙටි ආහාර හා බීම වර්ගයක් ලබා දී මුදල් හා රන් භාණ්ඩ සොරකම් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අප්‍රේල් මස 02 දින රාත්‍රී අනුරාධපුර බස් නැවතුම්පලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකු කෙටි දුරක් ගමන් කිරීමේදී එම බස් රථයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබාදෙන ලද කෙටි ආහාර වර්ගයක් ආහාරයට ගෙන, බීම වර්ගයක් පානය කර ඇත. එම අවස්ථාවේ කාන්තාවන් තිදෙනා සිහිසුන් වී ඇති අතර නාඳුනන පුද්ගලයා විසින් එම කාන්තාවන්ගේ රුපියල් දාහත් ලක්ෂ හයදහස් හාරසියයක් වටිනා මුදල් හා රන්භාණ්ඩ සොරකම් කර ගෙන පිටව ගොස් ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.…
කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ සීග්‍රාමීී දුම්රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් දුම්රියේ ගැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23 වන රුසියානු ජාතික කාන්තාවක් එසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අද (19) පෙරවරු 9.30 පමණ එම කාන්තාව යතුරුපැදියකින් ගමන් කර සිටියදී දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. මෙම අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බවයි වර්තා වන්නේ. තුවාල ලැබූ කාන්තාව කොග්ගල දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් පසු 1990 හදිසි ගිලන් රථ පැමිණිය සිදු කළ පරීක්ෂණයේදී ඇය මියගිය බව තහවුරු කර තිබෙනවා. පසුව හබරාදුව හදිසි මරණ පරීක්ෂකවරිය විසින් මූලික පරීක්ෂණ…
එප්පාවල, ඇඳගල නබඩවැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. නබඩවැව පාලම අසල ඊයේ (18) පස්වරුවේ දිය නෑමට පැමිණ පුද්ගලයෙකුට වැව තුළ තිබී මෙම අත්බෝම්බය හමුවී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව අදාළ බෝම්බය ඇති ස්ථානයට ආරක්ෂාවට යොදවා ඇති අතර, මේ පිළිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එම අත්බෝම්බය තරමක් මලකඩ කා ඇති අතර, කිසියම් පුද්ගලයකු ඇඳගල – බුල්නෑව මාර්ගයේ පිහිටි නබඩවැව පාලම අසලින් මෙම බෝම්බය වැවට විසි කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි. පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා මෙම අත්බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බව පොලීසිය පවසයි.
පවුල් කීපයක පිරිසක් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගි වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටි මිය ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පැලැන්වත්ත ,පන්නිපිටිය පාර, මිහිඳුපුර පදිංචිව සිටි ඇරැව්වල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මාවතගේ ඉහන්සා නමෝදී පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියයි. දැරියගේ මව විදේශ ගතව සිටින අතර දැරිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැදී වැඩෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. එම පවුලේ අය සහ සමීප පවුල්වල ඥාතීන් 40 ක පමණ පිරිසක් ඊයේ (18) පෙරවරු 8.15 ට පමණ පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයට පැමිණ අවුරුදු උත්සවය පවත්වා විනෝද…
ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවට ද කමලා හැරිස් චෝදනා කළාය. ඇය මෙම ප්‍රකාශය සිදු කරන අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් කියාසිටියේ, ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බවය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සාධාරණය වෙනුවෙන් කතෝලික සභාව අද, විශේෂ යාඥා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, දිවයිනේ සියළු කතෝලික දේවස්ථානවල අද විශේෂ යාඥා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් ප්‍රකාශ කළේ.
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු රුපියල් තිස්දහසක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (18) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු විසින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලි සෝදා පවිත්‍ර කිරීම සඳහා ලබාගෙන ඇති ටෙන්ඩරයට අදාළව මාර්තු මසට අයවිය යුතු ගාස්තුව සඳහා ලබාදිය යුතු වෙක්පත නිදහස් කිරීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලා තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු මෙලෙස අද (19) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 36 හැවිරිදි බංගලාදේශ ජාතික ව්‍යාපාරිකයෙක් බව සඳහන් වෙයි. ඔහු අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 34,000ක් අඩංගු දුම්වැටි…
ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය, සම්ප්‍රදායික පුස්තකාල පද්ධතියෙන් බැහැරව නවීන ඩිජිටල් පුස්තකාල සංකල්පය යටතේ සංවර්ධනය කර තිබේ. එය ශ්‍රී ලංකාවේ පාරිසරික තොරතුරු සම්පාදනය හා බෙදාහැරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය වේ. මෙම මධ්‍යස්ථානය මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන අතර පරිශිලකයින්ට පරිසරය සම්බන්ධ අලුත්ම ගවේෂණ, වාර්තා, හා තොරතුරු පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සළසා ඇත. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය පරිසර දැනුම ද එකතු කරමින්, පරිසරය පිළිබඳ විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රයක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. පර්යේෂකයන්, ශිෂ්‍යයන්, හා සාමාන්‍ය ජනතාවට පරිසරය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාදීමට මෙන්ම සොබාදහම, පාරිසරික වෙනස්කම්, හා ලෝකයේ විවිධ පාරිසරික සංකල්ප පිළිබඳ ඉගෙනීමට කැමැත්තක් ඇති සියලු දෙනාට මෙම මධ්‍යස්ථානය විවෘතව ඇත. ලොව වඩාත් කතාබහට…
