Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එක්ස් සටහනක් තබමින් සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවය.

    එහිදී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත.

    දෙරට සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. 

    ඉන්දියානු නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 45‍0ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද උප ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර අදහස් හුවමාරු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය. 

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති  ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා,  බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතය.

    මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇත. 

    නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.  

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල…

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.