කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ සීග්‍රාමීී දුම්රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් දුම්රියේ ගැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
වයස අවුරුදු 23 වන රුසියානු ජාතික කාන්තාවක් එසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (19) පෙරවරු 9.30 පමණ එම කාන්තාව යතුරුපැදියකින් ගමන් කර සිටියදී දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.
මෙම අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බවයි වර්තා වන්නේ.
තුවාල ලැබූ කාන්තාව කොග්ගල දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් පසු 1990 හදිසි ගිලන් රථ පැමිණිය සිදු කළ පරීක්ෂණයේදී ඇය මියගිය බව තහවුරු කර තිබෙනවා.
පසුව හබරාදුව හදිසි මරණ පරීක්ෂකවරිය විසින් මූලික පරීක්ෂණ සිදු කර මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.
අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

