Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    April 20, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) අයිතිය ඉන්දියාවට
    උණුසුම් පුවත්

    කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) අයිතිය ඉන්දියාවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ ‘Mazagon Dock Shipbuilders’ සමාගම විසින් කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) ආයතනයේ 51%ක පාලන කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම “සුවිශේෂී වර්ධනයක්” බවත්, එය ඉතා වැදගත් උපායමාර්ගික අංශයක කළ ආයෝජනයක් බවත් ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ගනුදෙනුව හරහා සමුද්‍රීය හා කාර්මික අංශවලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සහයෝගිතාවය මනාව පිළිඹිබු වන බවයි.

    ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රජයට අයත් නැව් නිෂ්පාදන සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited (MDL), ඇමෙරිකානු ඩොලර් මිලියන 26.8ක මුළු ආයෝජනයක් කරමින් කොළඹ ඩොක්යාඩ් ආයතනයේ පාලන කොටස් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කළ බව මෑතකදී නිවේදනය කළේය.

    මෙම ගනුදෙනුවෙන් පසු කොළඹ ඩොක්යාඩ් ආයතනය නිල වශයෙන් MDL සමාගමේ අනුබද්ධ ආයතනයක් බවට පත් වී ඇති අතර, මෙය එම ඉන්දීය සමාගම ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ ප්‍රථම අත්පත් කර ගැනීම ලෙසද සනිටුහන් වේ.

    MDL සමාගම පවසන්නේ මෙම පියවර ඉන්දියාවේ ‘Maritime Amrit Kaal Vision 2047’ දැක්මට සමගාමීව සිදුවන්නක් බවත්, මින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

    මේ වන විට කොළඹ ඩොක්යාඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයද MDL සමාගමේ නායකත්වය යටතේ ප්‍රතිව්‍යුහගත කර තිබේ. නව ඇණවුම් සහ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම හරහා මේ මූල්‍ය වර්ෂය තුළ ආදායම සහ ලාභය 20%කින් වර්ධනය කර ගැනීම තම ඉලක්කය බවද එම සමාගම වැඩිදුරටත් පවසා ඇත.

    කොළඹ ඩොක්යාඩ් යනු ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තටාංගනය වන අතර, එය මෙරට සමුද්‍රීය කර්මාන්තයේ ප්‍රධානතම භූමිකාවක් නිරූපණය කරන ආයතනයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    April 20, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026

    රුසියා චීන ගනුදෙනුවලදී ඩොලරය ඉවතට

    April 20, 2026

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිතුමන්ට අක්තපත්‍ර පිළිගන්වයි

    April 20, 2026

    එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

    April 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    April 20, 2026

    පිලිපීන සහ එක්සත් ජනපද හමුදා තායිවානයට ආසන්න දුරස්ථ පිලිපීන දූපතකදී නාවික ප්‍රහාරක අභ්‍යාස පවත්වනු ලබන…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026

    රුසියා චීන ගනුදෙනුවලදී ඩොලරය ඉවතට

    April 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    April 20, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026

    රුසියා චීන ගනුදෙනුවලදී ඩොලරය ඉවතට

    April 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    April 20, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.