බ්‍රිතාන්‍යයේ ඇතැම් උපදේශකයින් සහ නීති වෘත්තිකයින්, සංක්‍රමණිකයන්ට දේශපාලන රැකවරණය (asylum) ලබා ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා තමන් සමලිංගික පුද්ගලයින් ලෙස පෙනී සිටින ලෙස මඟ පෙන්වන බවට බීබීසී (BBC) සිදු කළ විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.
මෙම ජාලයන් විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප, සහයෝගිතා ලිපි සහ ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය වාර්තා ද ඇතුළත් මුදල් ගෙවා ලබාගත හැකි “පැකේජ” පිරිනමන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.
සොයාගැනීම්වලට අනුව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල සමලිංගික සබඳතා තවදුරටත් නීතිවිරෝධී මට්ටමේ පවතින බැවින්, එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ලිංගික නැඹුරුව පදනම් කරගෙන තමන් පීඩාවට පත්වන බව පවසන ලෙසයි දක්වා ඇත්තේ.
රැකියා, අධ්‍යයන හෝ සංචාරක වීසා වැනි බලපත්‍ර අවසන් වීමට ආසන්නව සිටින සංක්‍රමණිකයන්ට මෙම පදනම මත රැකවරණය පතා අයදුම් කරන ලෙස උපදෙස් දෙන බව වාර්තා වනවා.
මෙම විමර්ශනයට අනුව, සහාය ලබා දීම සඳහා අයදුම්කරුවන්ගෙන් විශාල ගාස්තු අය කරන බව සොයාගෙන තිබෙනවා.
එක් අවස්ථාවකදී, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (Home Office) මගින් ප්‍රතික්ෂේප වීමේ අවදානම ඉතා අඩු බවට සහතික වෙමින්, නීති උපදේශකයෙකු යුරෝ 7,000ක් දක්වා මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
නීතිමය ආයතනයකට සම්බන්ධ තවත් පුද්ගලයෙකු, යුරෝ 1,500කට ව්‍යාජ සාක්ෂි සකස් කර දීමටත්, ඒ සඳහා අවශ්‍ය අමතර ලේඛන වෙනුවෙන් තවත් මුදල් අය කිරීමටත් ඉදිරිපත් වූ බව සඳහන්.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical
