පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් අද (21) දිවයිනේ සියලුම දේවස්ථානවල විශේෂ අනුස්මරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව පෙරවරු 8:45ට: සියලුම දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කෙරෙනු ඇති.
පෙරවරු 8:45 සිට 8:47 දක්වා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් ගෞරව දැක්වීම සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද සෑම දේවස්ථානයකම සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම, මීගමුව – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට දිව්‍ය පූජාවක් පවත්වා සිහිවටන ස්මාරකය අසළදී ඉටිපහන් දැල්වීමක් සිදුකෙරෙනවා.
මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් යැදුම් පාගමනක්ද සංවිධාන කර ඇති අතර එය පස්වරු 4 ට මාරිස්ටෙලා විදුහල් ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.
එමෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සමගාමීව අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වනතෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය නිවේදනය කළේ
#newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical
