Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වෙයි. සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන…
කොළඹ, අප්‍රේල් 22 — අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පරිපාලනයේ වෙනසක් සිදු කිරීමට පියවර ගනිමින්, වත්මන් සභාපති ශම්මි සිල්වාට ඉක්මනින් ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇති බව Daily Mirror වාර්තා කරයි. වාර්තා අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අන්තර්කාලීන කමිටුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, එහි නව ප්‍රධානියා ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පත් කිරීමට යෝජනා වී ඇත. මෙම පියවර, ක්‍රීඩකයින් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි පීඩනය මධ්‍යයේ ගෙන ඇති බවත්, ක්‍රිකට් පරිපාලනයේ පවත්නා දූෂණ චෝදනා සහ කළමනාකරණ ගැටලු පිළිබඳව දිගුකාලීන විවේචන පවතින බවත් සඳහන් වේ. ඒ අතර, අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය වන International Cricket Council සමඟ ද මෙම වෙනස…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික සමාලෝචනයේ ප්‍රධාන කරුණු පහත දැක්වේ: සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් අනුබල ලබමින් 2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වසර වල දී සාක්ෂාත් කරගත් ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. වෙළඳ සහ භූ දේශපාලනික ප්‍රවණතා ආශ්‍රිත…
Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක් විය. උත්සවයේ විශේෂ අංගයක් ලෙස “Smart and Resilient Cities” යන මාතෘකාව යටතේ පැවැති සංවාදයට ප්‍රකට ජාත්‍යන්තර විශේෂඥයන් වන George Kunihiro සහ Naveed Anwar සහභාගී වීම වැඩි අවධානයක් දිනා ගත්තේය. ඔවුන්ගේ අත්දැකීම් හා ගෝලීය ප්‍රවණතා මත පදනම් වී නගර සැළැසුම්කරණය, ඉංජිනේරු ක්ෂේත්‍රය සහ තාක්ෂණික නවෝත්පාදන පිළිබඳව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින් පිදුම් ලැබීය. මෙම ද්විත්ව පිළිගැනීම නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි. නේවාසික ඉදි කිරීම් සඳහා ප්‍රසිද්ධ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති, පවුලට ගැළැපෙන නිවාස, පරිසර හිතකාමී ගොඩනැගිලි සහ සේවාදායකයන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන නවීන වාස්තු විද්‍යාත්මක සංකල්ප සඳහා විශේෂඥතාවක් දක්වයි. සමාගම ISO…
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් ‘අපද්‍රව්‍ය සම්පතක් බවට පත් කිරීම’ යන තේමාව යටතේ මෙම Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී. බේලර් යන්ත්‍ර, ඉලෙක්ටි්‍රක් බයික් සහ ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථවලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මෙහෙයවනු ලබන්නේ කාන්තාවන් විසිනි. වතු ප්‍රජාවේ තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට රැකියා අවස්ථාවන්…
සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර් 31 වන විට එම සමාගම් කොටස් ප්‍රමාණය 59ක් දක්වා මේ අනුව පහළ බැස ඇත. අදාළ දත්ත වාර්තා සන්සන්දනයේ දී පෙනී යන්නේ අරමුදල විසින් පහත සඳහන් සමාගම්වල කොටස් ආයෝජනයන්ගෙන් ඉවත් වී ඇති බවයි. එනම්, මේ අතර 2025 වසර තුළ දී නව ආයෝජනයක් ලෙසින් හේමාස් හෝල්ඩිංග්ස් හි මිලියන 40 ක කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කර ඇත. ඒ…
ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් කටයුතු කරන ජාලයන් මර්දනය කිරීමේ පියවරක් ලෙස, ‘M/T Tifani’ නමැති සම්බාධක පැනවූ තෙල් නැවක් ඉන්දු-පැසිෆික් කලාපයේදී තම භාරයට ගත් බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය (පෙන්ටගනය) නිවේදනය කරනවා. ඊයේ (20) රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාර්ථකව අවසන් වූ බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. ‘MarineTraffic’ නෞකා නිරීක්ෂණ දත්ත සහ බීබීසී (BBC) පුවත් සේවය තහවුරු කරන පරිදි, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට පෙර ගාල්ල වරාය ආසන්නයේ නතර කර තිබී ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකානු හමුදා මැදිහත් වී එය පාලනයට ගන්නා විට නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිට තිබෙනවා.
ගනේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙනප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා. සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරන ලද කරුණු දක්වමින පවසා සිට්යේ සිද්ධියට අදාල මෙම සැකකාරිය සම්බන්ධයෙන් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. සිද්ධියට අදාල නඩුව අද අධිකරණයේ කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා. සිද්ධියට අදාල පහළොස්වන සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වලදී ඇය විසින් පුද්ගලික බැංකුවක ගිණුමක් පවත්වා ගෙන ගොස්…
