Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි
    උණුසුම් පුවත්

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි.

    ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් ‘අපද්‍රව්‍ය සම්පතක් බවට පත් කිරීම’ යන තේමාව යටතේ මෙම Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී.

    බේලර් යන්ත්‍ර, ඉලෙක්ටි්‍රක් බයික් සහ ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථවලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මෙහෙයවනු ලබන්නේ කාන්තාවන් විසිනි. වතු ප්‍රජාවේ තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට රැකියා අවස්ථාවන් හිමි කර දෙන එය වතු ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණය සදහා ඇති ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මෙහෙයවනු ලබයි. ඒ තුලින් අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් එකතු කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නංවමින් චක්‍රීය ආර්ථිකයක් ශක්තිමත් කිරීම සිදු වේ.

    හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මඟින් පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ නානු ඔය ප්‍රදේශයේ පිහිටා ඇති සමර්සෙට් වතු යාය පරිසර හිතකාමී, උසස් තත්වයේ තේ නිෂ්පාදනය කරනු ලබන වතු යායක් ලෙස ප්‍රසිද්ධය. හෙක්ටයාර 456.14ක භූමි භාගයක් පුරා විසිරී ඇති සමස්ත වතු යායේ හෙක්ටයාර 324.38ක ප්‍රදේශයක තේ වගා කොට ඇත. මෙම වතු යායේ සියලු කටයුතු සඳහා ජල විදුලිය භාවිත කරන අතර එමඟින් බලශක්ති පිරිවැය සහ කාබන් විමෝචනය අවම කිරීමට එයට හැකි වී තිබේ. 2024/25 වසරේදී ජාතික විදුලිය බල පද්ධතියට ඒකක 3,940,449ක විදුලි දායකත්වයක් ලබා දීමට සමර්සෙට් වතු යාය සමත්ව ඇත්තේ පෙර වසර සාපේක්ෂා ඒකක 515,109ක වර්ධනයක්ද සනිටුහන් කරමිනි.

    මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් නුවරඑළිය නගරාධිපතිතුමා, ප්‍රාදේශීය සභා සභාපතිතුමා සමඟින් කොකා-කෝලා බෙවරේජස්, තලවකැලේ වතු සමාගම, Janathakshan, Neptune Recyclers යන ආයතනවල නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව සිටියේය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ අංශය තුළ කාන්තා සහ තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ (SWYFT) ව්‍යාපෘතිය යටතේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර ඇත. මෙය දේශීය අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීමටත්, ප්‍රතිචක්‍රීයකරණ යටිතල පහසුකම් නැංවීමටත් මෙන්ම කාන්තාවන් සහ තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපායන් නිර්මාණය කිරීමටත් ඉතා වැදගත් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන…

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.