ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් කටයුතු කරන ජාලයන් මර්දනය කිරීමේ පියවරක් ලෙස, ‘M/T Tifani’ නමැති සම්බාධක පැනවූ තෙල් නැවක් ඉන්දු-පැසිෆික් කලාපයේදී තම භාරයට ගත් බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය (පෙන්ටගනය) නිවේදනය කරනවා.
ඊයේ (20) රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාර්ථකව අවසන් වූ බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.
‘MarineTraffic’ නෞකා නිරීක්ෂණ දත්ත සහ බීබීසී (BBC) පුවත් සේවය තහවුරු කරන පරිදි, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට පෙර ගාල්ල වරාය ආසන්නයේ නතර කර තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු හමුදා මැදිහත් වී එය පාලනයට ගන්නා විට නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිට තිබෙනවා.

