‘මිහින්තලාවෙන් හඬක්’ යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයාට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම්, ඉකුත් අප්‍රේල් මස 03 වන දා මිහින්තලා පුද බිමට හෝ මිහින්තලා විහාරාධිපති හිමියන්ට අපහාස වන ආකාරයේ තොරතුරු ඇතුළත් බව කියන මිහින්තලාවෙන් හඬක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුදාහැර ඇති වැඩසටහන මින් මතුවට ප්‍රචාරය කිරීම අත්හිටුවීමට ද නියෝග කරනු ලැබී ය.
එළැඹෙන මැයි මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකාර පරිපාලකවරයාට නියෝග කළ දිසා විනිසුරුවරයා මෙම පෙත්සමට අදාළව විරෝධතා ඇත්නම් එදිනට ගොනු කරන ලෙසට ද නියෝග කෙරිණ.
අනුරාධපුර දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කළේ, මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නීතීඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත නීතීඥ සුරාජ් වල්ගම මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

