Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජනපතිගේ කම්කරු දින පණිවුඩය
    උණුසුම් පුවත්

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ  ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ. 

    අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

    මෙරට වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1,750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්ය.

    නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙන ලෙස ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින්  අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කල කම්කරු දින පනිවිඩයෙන් වැඩිදුරටත් සඳහන්ය.

    ජනපතිගේ සම්පූර්ණ කම්කරු දින පණිවුඩය පහතින්,

    – උපුටා ගැනීම – 

    ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.

    ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු. 

    දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු. 

    මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.

    එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි. 

    ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

    මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි. 

    එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු. 

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.

    රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. 

    එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු. 

    නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු’යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින්  අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

    – උපුටා ගැනීම අවසන් – 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    රට පුරා අද මැයි රැලි රැසක්

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    ලෝක කම්කරු දිනය අදයි

    May 1, 2026

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බව විපක්ෂ…

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    රට පුරා අද මැයි රැලි රැසක්

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    රට පුරා අද මැයි රැලි රැසක්

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.