Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රට පුරා අද මැයි රැලි රැසක්
    උණුසුම් පුවත්

    රට පුරා අද මැයි රැලි රැසක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙන අද (01) දිනයේ දේශපාලන පක්ෂ රැසක් විසින් පෙළපාලි, රැලි සහ උත්සව දිවයින පුරා සංවිධානය කර තිබෙනවා.

    ඒ අනුව ජාතික ජන බලවේගයේ මැයි දින රැලි දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැලි පැවැත්වෙන්නේ ජන රජයට ජන බලයක් තේමාවෙන්.

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙන්ම අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදීද ජාතික ජන බලවේගයේ මැයි දින රැලි පැවැත්වීමට නියමිතයි.

    පච මදිවට හොරු යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී.

    සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අද පස්වරු 2:00ට ආරම්භ වීමට නියමිතයි.

    දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී.

    රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයින් එක්විමටද නියමිතයි.

    දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව යන්න තේමා කර ගත් සර්ව ජන බලය මෙවර මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදීයි.

    සර්වජන බලය මැයි දින රැලිය අද උදෑසන 10:00 ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දින රැලියක් පවත්වන්නේ නැහැ.

    මෙවර ඔවුන්ගේ මැයි දිනය ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

    අද පෙරවරු 8:00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක් වීමෙන් අනතුරුව සියලුම ආසනවල ආගමික වතාවත් සිදු කිරීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කර ඇත්තේ.

    පසුව කැළණිය රජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමටද නියමිතයි.

    මේ අතර අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක් යන තේමා වෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.

    ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ජන බලයක් ගොඩ නගමු මැයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැලිය බොරැල්ල පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

    මේ අතර අද කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

    ඒ අනුව මහරගම පැවැත්වෙන ජාතික ජනබලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකියි.

    හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.

    යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝ ලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

    එසේම කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතු වනවා.

    කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතුයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    ලෝක කම්කරු දිනය අදයි

    May 1, 2026

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බව විපක්ෂ…

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    රට පුරා අද මැයි රැලි රැසක්

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    රට පුරා අද මැයි රැලි රැසක්

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.