Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
එම අධිකාරිය පැවසුවේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පිළිවෙලින් 277,327ක් සහ 279,328 ක් පැමිණීම් වාර්තා වූ අතර, එය 2025 සහ 2018 වසර දෙකටම සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් මෙම ධනාත්මක ප්‍රවණතාවය 2026 මාර්තු මාසයේදී අඩු වීමක් දක්නට ලැබෙන අතර, එහිදී සංචාරකයින්ගේ පැමිණීම 183,979 දක්වා පහත වැටී තිබේ. මැද පෙරදිග කාලපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පහත වැටීමට සිදුව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කෙසේවෙතත් අප්‍රේල් මාසයේ දී සංචාරකයින් පැමිණ ඇත්තේ, 117,893ක් පමණි. මාර්තු මාසයේ පහත වැටීමක් තිබියදීත් 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සංචාරකයින්ගේ මුළු පැමිණීම් 858,527ක් දක්වා ළඟා වීමට හැකි වීම විශේෂත්වයක්…
යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවය. ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවය. කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්ය. පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවය.
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ඊට ප්‍රථම ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඒ බව දැනුම් දුන්නේය.
ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියෙන් සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලයේදී මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ඔවුන් අපේක්ෂාකර ඇති බව වාර්තාවේ. නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් පවසා ඇත්තේ, මෙම නියෝගය ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ලැබුණු බවය. ඉරාන සාකච්ඡාකරුවන් විසින් අමෙරිකාව ‘නින්දාවට’ ලක්කර ඇති බවට මර්ස් විවේචනය කිරීමෙන් දිනකට පසුව අමෙරිකාව මෙම තීරණය ගෙන තිබීම සුවිශේෂීය. එම ප්‍රකාශයට අප්‍රසාදය පළකළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය සටහනක් බවමින් පවසා සිටියේ,…
මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේ ඛණිජ තෙල් සංස්ථාව සිය විගණන වාර්ථාවෙන් රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ගෙන් 2025දී අනීතික ලෙස කපා ගත් වට්ටම් මුදලත් සමග බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 1961දී තෙල් සංස්ථාව ආරම්භයේ සිටම පාරිභෝගිකයන්ට ඉන්දන අලෙවි කරන ප්‍රධාන කොටස්කරුවන් (Stakeholders) වන බෙදුම්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ කොටසක් පැවති අතර 2025 මාර්තු 01 සිට සංස්ථාව අත්තනෝමතික ලෙස එම ලාභාංශ කොටසින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති බව සංගමය පවසයි. මෙම තත්ත්වය නිසා සංස්ථා බෙදුම්කරුවන්ට ව්‍යාපාර පවත්වා ගෙන යාම ඉතා අසීරු වී ඇති අතර ඛණිජ තෙල් සංස්ථාවේම පමණක් අලෙවි නියෝජිත ධුර දරන…
බංග්ලාදේශය සියලු ආගම් සහ මත දරන ජනතාවට ආරක්ෂිත නිවහනක් බවට පත්කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බවත්, විවිධත්වයට ගරුකරන ආරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් පවසා තිබේ. අදට (මැයි 1) යෙදී ඇති වෙසක් පොහෝ දිනය වෙනුවෙන් එරට මෙන්ම ලෝකවාදී බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත. වෙසක් තෙමඟුල බංග්ලාදේශ බෞද්ධයන්ට මෙන්ම ලෝකවාදී සියලුම ජනතාවට සතුට, සාමය සහ යහපැවැත්ම ඉටුකරන වෙසක් දිනයක් වේවායැයි ප්‍රාර්ථනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ආගම පුද්ගලයන්ට අයත්. නමුත් ආරක්ෂාව සඳහා ඇති අයිතිය සෑම පුරවැසියෙකුටම අයත්. එනිසා සියලු ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම අපේ වගකීමක් යැයිද ඔහු මෙහිදී පවසා…
සිය වෙළෙඳ ගිවිසුම් සඳහා සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම හේතුවෙන් එළැඹෙන සතියේ සිට එක්සත් ජනපදයට යුරෝපයෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. සිය Truthsocial ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ අනුව මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ 25%ක තීරු බද්ද පැනවෙන බවය. කෙසේ නමුත් ඔවුන් අමෙරිකා එක්සත් ජනපදයේ කම්හල්වල මෝටර් රථ සහ ට්‍රක් රථ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් පැනවෙන්නේ නැති බවද අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත. බොහෝ මෝටර් රථ සහ ට්‍රක් රථ කම්හල් දැනට ඉදිවෙමින් පවතින බවත් ඩොලර් බිලියන 100කට වඩා ආයෝජනය කර ඇති බවත් සඳහන්…
බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි. “බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි.…
සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව මරණයට හේතුව සෙවීම සඳහා පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබේ. මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා ඊයේ (30) සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි. ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ඇති බවත් ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළේය. සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ…
ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටියදී ඊශ්‍රායලය විසින් වටලනු ලැබූ, ගාසා තීරය බලා ගිය ‘ග්ලෝබල් සුමුද්’ (Global Sumud) නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊශ්‍රායලය විසින් “පැහැර ගැනීම” දේශසීමා නොමැති වාර්තාකරුවන් (Reporters without Borders – RSF) හෙළා දැක තිබෙනවා. සමාජ මාධ්‍ය සටහනක් තබමින් RSF සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, අල් ජසීරා පුවත් සේවයේ සේවය කරන ප්‍රංශ වාර්තාකරු හෆෙඩ් ම්රිබා (Hafed Mribah) සහ තුර්කි කැමරා ශිල්පී මහ්මුත් යවුස් (Mahmut Yavuz) මෙන්ම අමෙරිකානු ‘සෙටියෝ’ (Zeteo) මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී ඇලෙක්ස් කොල්ස්ටන් (Alex Colston) ඊශ්‍රායල හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී මෙලෙස පැහැර ගැනීම හෙළා දකින බවයි. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඊශ්‍රායලය සතු බවයි RSF සඳහන් කර ඇත්තේ. එසේම…
