Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී
    උණුසුම් පුවත්

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටියදී ඊශ්‍රායලය විසින් වටලනු ලැබූ, ගාසා තීරය බලා ගිය ‘ග්ලෝබල් සුමුද්’ (Global Sumud) නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊශ්‍රායලය විසින් “පැහැර ගැනීම” දේශසීමා නොමැති වාර්තාකරුවන් (Reporters without Borders – RSF) හෙළා දැක තිබෙනවා.

    සමාජ මාධ්‍ය සටහනක් තබමින් RSF සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, අල් ජසීරා පුවත් සේවයේ සේවය කරන ප්‍රංශ වාර්තාකරු හෆෙඩ් ම්රිබා (Hafed Mribah) සහ තුර්කි කැමරා ශිල්පී මහ්මුත් යවුස් (Mahmut Yavuz) මෙන්ම අමෙරිකානු ‘සෙටියෝ’ (Zeteo) මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී ඇලෙක්ස් කොල්ස්ටන් (Alex Colston) ඊශ්‍රායල හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී මෙලෙස පැහැර ගැනීම හෙළා දකින බවයි.

    ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඊශ්‍රායලය සතු බවයි RSF සඳහන් කර ඇත්තේ.

    එසේම අල් ජසීරා පුවත් සේවයද තම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

    එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ, “අපගේ සගයන් වන හෆීඩ් සහ මහ්මුත්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ජාලය අවධාරණය කරන අතර, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් ඊශ්‍රායලය විසින් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ස්ථාවරයක් ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන්.

    තම කණ්ඩායම සමග තිබූ සබඳතා බිඳ වැටී ඇති බව පැවසූ අල් ජසීරා ආයතනය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බවත්, සියලුම මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව තම රාජකාරි කිරීමට ඉඩ දිය යුතු බවත්, වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    පලස්තීන වෙරළ තීරයේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ග්‍රීසියේ පෙලෝපොනිස් අර්ධද්වීපයට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී, ගාසා බලා යාත්‍රා කළ නෞකා 58 කින් 22 ක් ඊශ්‍රායලය විසින් මෙලෙස වටලා ඇති බව සඳහන්.

    එහිදී පුද්ගලයන් 211 දෙනෙකු රඳවාගෙන ඇති බවත්, ඔවුන්ව ග්‍රීසියට ප්‍රවාහනය කරන බවත්, ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

    ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් ඊශ්‍රායලයට චෝදනා කළේ “තමන්ට අයිති නැති මුහුදු සීමාවකදී සිවිල් නෞකා සමූහයකට ප්‍රහාර එල්ල කිරීමෙන් ඊශ්‍රායලය නැවත වරක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති” බවයි.

    ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ, ඊශ්‍රායලය සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා අත්හිටුවන ලෙසයි.

    පසුගිය ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයට සහනාධාර රැගෙන ගිය නෞකා වටලෑමෙන් පසු රඳවා ගනු ලැබූ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු චෝදනා කර ඇත්තේ, ඊශ්‍රායල බලධාරීන් තමන්ට පහරදීම්, බලහත්කාරයෙන් දණගස්වා තැබීම, ඇස් බැඳ තැබීම සහ නින්ද නොලැබීමට සැලැස්වීම වැනි ශාරීරික හා මානසික වධහිංසා පමුණුවන ලද බවයි.

    ස්වීඩන් දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් ඇතුළු තවත් 170 දෙනෙකු කළ මෙම වධහිංසා පිළිබඳ චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරමින් ඒවා අසත්‍ය පුවත් ලෙස හඳුන්වා තිබෙනවා.

    කෙසේ වෙතත්, 2023 ඔක්තෝබර් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය විසින් සිරගත කරන ලද පලස්තීන මාධ්‍යවේදීන් 59 දෙනෙකුගෙන් ලබාගත් සාක්ෂි මත පදනම්ව, මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පෙබරවාරි මාසයේදී වාර්තාවකින් පෙන්වා දුන්නේ, ඊශ්‍රායල බලධාරීන් මාධ්‍යවේදීන්ට පද්ධතිමය වශයෙන් අනිසි ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කුසගින්නේ තැබීම වැනි ක්‍රියාවල නිරත වන බවයි.

    සම්මුඛ පරීක්ෂණයට ලක් වූ බොහෝ මාධ්‍යවේදීන් පවසා ඇත්තේ, කිසිදු චෝදනාවකින් තොරව තමන්ව අත්අඩංගුවේ රඳවාගෙන සිටින බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026

    ගාල්ල බන්ධනාගාරය පිරී උතුරයි

    May 1, 2026

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටියදී ඊශ්‍රායලය විසින් වටලනු ලැබූ, ගාසා තීරය බලා ගිය ‘ග්ලෝබල් සුමුද්’…

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.