Author: Bandara Senanayaka

මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්තගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කුලියාපිටිය – පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව අද උදෑසන එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මෙම මරණය බහු කැපුම් තුවාල නිසා ඇති වූ අධික රුධිර වහනයෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඊයේ නිගමනය කරනු ලැබුවා. එමෙන්ම, එම තුවාල ඔහු විසින්ම තියුණු ආයුධයක් භාවිත කර සිදුකරගත් බව හැඟී යන බව ද එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩල නිකුත් කළ වාර්තාවෙන් සඳහන්. මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශවයක් අතට…

Read More

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කරන දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ කියා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.

Read More

2015 වර්ෂයේ දී බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ චූදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා වසර 24 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම් කරන ලදි. මේ ලෙස බරපතළ සිර දඬුවම් නියම වූයේ ඇතිමලේ 70 හනිඳිය බිල්ඩිං කොටස පදිංචි දහම් පාසල් ගුරුවරයකුටය. 2015 වර්ෂයේ දිනයක දී සැකකරු විසින් දැනට අවුරුදු දාසයක් වන පිරිමි දරුවකු බයිසිකලයක නංවාගෙන වැව් ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් කැලෑවක් තුළ දී අතවර සිදුකර තිබිණි. සිද්ධිය පිළිබඳව මොනරාගල මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා දෙකකට වරද කරු කරමින් ඔහුට එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24 ක බරපතළ සිර දඬුවම් නියම කොට එය වසර දොළහකින්…

Read More

පන්නල, හුණුවිල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන හුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පන්නල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතන 134 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් එකිකෙන ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පැදිකරුවෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය පැවසීය.

Read More

2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන්නේ, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවය. එමෙන්ම මේ වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඇය අනාවරණය කළාය. පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමු වී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි. වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන…

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සලකට භාණ්ඩ රැගෙන ආ විශාල ප්‍රමාණයක් කන්ටේනර් ලොරි රථයට සිරවී එම ලොරි රථයේ සහයකයා මියගොස් ඇති බව නාවලපිටි පොලිසියේ ස්ථානාධිපති කේ.එම්.කුලතුංග මහතා පැවසීය. කුරුණෑගල සිට නාවලපිටිය එම සුපිරි වෙළෙඳ සලට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි කන්ටේනර් ලොරි රථයක් එහි ගබඩාට වෙත ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට ධාවනය කිරීමේදී එහි ලොරි සහයකයා කන්ටේනර් ලොරියේ පසුපස ප්‍රදේශයේ සහ ගබඩාවේ බිත්තිය අතර පටු ඉඩෙහි සිරවී එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත් වූ බවත්, මියගිය පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයසැති තරුණයකු බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටී. ලොරි රථ රියැදුරු සැකපිට නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර.…

Read More

මෙක්සිකෝවේ බටහිර නයාරිට් (Nayarit) ප්‍රාන්තයේ ඊයේ (01) සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජලිස්කෝ (Jalisco) ප්‍රාන්තයේ සිට ගමන් කරමින් තිබූ මෙම බස් රථය, අමට්ලාන් ද කනාස් (Amatlan de Canas) නගරය අසලදී මහා මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිය බවයි නයාරිට් ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත්තේ. නිලධාරීන්ට අනුව, මගීන් නයාරිට්හි විනෝද මධ්‍යස්ථානයක් කරා යමින් සිට තිබෙනවා. නයාරිට් සහ ජලිස්කෝ ප්‍රාන්තවල හදිසි සහන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී, මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට සහ අනතුරට හේතුව විමර්ශනය කිරීමට මාර්ගය වසාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Read More

2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය ඊයේ (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථාවේදී ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර ඊට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මෙන්ම ශ්‍රී ලංකා හජ් කමිටුවේ පිරිසක් ද එක්ව සිටි බවයි. මේ වසරේ හජ් වන්දනාව සඳහා 3,500 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

Read More

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි දෙවන ස්ථානයේ හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි. මීට පෙර ‍මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එහි පසුවන්නේ 07 වන ස්ථානයේයි.

Read More