Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්
    උණුසුම් පුවත්

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේ ඛණිජ තෙල් සංස්ථාව සිය විගණන වාර්ථාවෙන් රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ගෙන් 2025දී අනීතික ලෙස කපා ගත් වට්ටම් මුදලත් සමග බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 1961දී තෙල් සංස්ථාව ආරම්භයේ සිටම පාරිභෝගිකයන්ට ඉන්දන අලෙවි කරන ප්‍රධාන කොටස්කරුවන් (Stakeholders) වන බෙදුම්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ කොටසක් පැවති අතර 2025 මාර්තු 01 සිට සංස්ථාව අත්තනෝමතික ලෙස එම ලාභාංශ කොටසින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක්  අත්පත් කර ගෙන ඇති බව සංගමය පවසයි. මෙම තත්ත්වය නිසා සංස්ථා බෙදුම්කරුවන්ට ව්‍යාපාර පවත්වා ගෙන යාම ඉතා අසීරු වී ඇති අතර ඛණිජ තෙල් සංස්ථාවේම පමණක් අලෙවි නියෝජිත ධුර දරන සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛාවක් සමග ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් රැසක් වැසී යාමේ අවදානමකට ලක් වී ඇති බව බෙදුම්කරුවන්ගේ සංගමය ජනපතිගේ අවධානයට යොමු කර ඇත.

    විදේශීය තෙල් සමාගම් මෙරට වෙළෙඳපොළට පැමිණීමේදී ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවර කිරීමේ අරමුණෙන් නව මිල සුත්‍රයක් 2022 නොවැම්බර් 29 දිනැති අංක 22/1876/604/076 දරන කැබිනට් පත්‍රිකාව (කැබිනට් පත්‍රිකාවේ පිටු අංක 7 සහ 8) මගින් අනුමත කර ඇත. ඒ අනුව තෙල් සමාගම්වලට 4%ක (V6) ලාභාංශ ප්‍රතිශතයක්ද,  2%ක (V5) මෙහෙයුම් ප්‍රතිශතයක් සමග බෙදුම්කරුවන්ට මෙහෙයුම් ලාභාංශ ලෙස 2.96%ක (V 2h)  ප්‍රතිශතයක්ද (ආසන්න වශයෙන් 3%ක්) නව මිල සුත්‍රය අනුව දෙන ලදී. මෙම කැබිනට් පත්‍රිකාව අනුව සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය 16/08/2023 දිනැති අංක  27/1281 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවෙන් (පිටු අංක 9) බෙදුම්කරුවන්ට දෙන 3%ක මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතය ස්ථිර කර ඇත. ඒ අනුව විදේශීය සමාගම් ඔවුන්ගේ අලෙවි නියෝජිතයන්ට 3%ක ලාභාංශ ප්‍රතිශතයක් දෙන බව එම සමාගම් විසින් දෙපාර්ශ්වය සමග අත්සන්  තබන ලද වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් වේ.

    විදේශීය සමාගම්  ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ගේ අලෙවි නියෝජිතයන්ට උපරිම සිල්ලර මිලෙන් (MRP) 3%ක් දෙන අතර සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් ඒක පාර්ශ්විකව මිල සුත්‍රයේ ඇති බෙදුම්කරුවන්ගේ මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතය (V 2h) 2025/03/01 සිට 1.5% දක්වා අඩු කරන ලදී. සංස්ථාව පමණක් මෙලෙස මිල සුත්‍රයෙන් අලෙවි නියෝජිතයන්ට දී ඇති මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතය අඩු කර එම කොටසද සංස්ථා ලාභයට එකතු කර ගෙන ඇත. 2024 විගණන වාර්තා අනුව ආසන්න වශයෙන් සංස්ථාව ලබා ඇති ලාභය බිලියන 34.2ක් වූ බැවින් 2025 වසරේ බෙදුම්කරුවන්ගෙන් කපා ගත් බිලියන ගණන සමග ලාභය බිලියන 36.4ක් නම් මෙම ලාභය විශාල ලාභයක් ලෙස පෙන්වන්නේ කෙසේද යන්න සංස්ථා බලධාරින්ගෙන් සංගමය ප්‍රශ්න කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026

    යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්

    May 2, 2026

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව…

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026

    යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026

    යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.