ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලයේ ගුරුවරියක පාසල නිමවී නිවස බලා යමින් සිටියදී 28 දා මහානාගපුර සේවා පියස ඉදිරිපිට දී යතුරු පැදියක් හරස්කොට් යතුරුපැදිකරුගේ හිස් වැසුමෙන් ඇයට පහරදී ඇත. පහර කෑ ගුරුවරිය සේවා පියසට් දිව ගොස් ඇති අවස්ථාවේ පහර දුන් පුද්ගලයා ද එතුළට පැමිණ එහි සිටි ප්‍රජා සංවර්ධන නිලධාරිනියකට ද පහරදී තිබේ. පහර කෑමෙන් දෙදෙනාම් බරපතළ තුවාල සිදුව ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූ ගුරුවරිය සහ නිලධාරිනිය මේ වන විට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. මෙම පහරදීමෙන් පහර කෑ කාන්තාවන් දෙදෙනාගේ හිස සහ ශරීරයේ ස්ථාන කිහිපයකම් තැලුම් තුටාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පහරදීම් සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචිඅප්පු ඡදුර ප්‍රදේශයේ පදිංචි ‘දුවන නුවන්’ නොහොත්
අමිල සම්පත් යන අය බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා බෝම්බ ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිට මෑතකදී නිදහස ලැබූ අයකු බටද එමෙන්ම මෙම සැකකරු දුවන නුවන් නමින් ප්‍රදේශයේ නම් ගිය කසිප්පු ජාවාරම්කරුවකු බව ද පොලිසිය සඳහන් කළේය. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය කටයුතු කරමින් සිටී.
මේ වනතෙක් සැකකරු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මහානාගපුර ප්‍රදේශයේ පිරිසක් ලුණුගම්වෙහෙර පොලිසිය ඉදිරිපිටි ඊයේ (29දා) විරෝධතාවක නිරත වූහ. විරෝධතාකරුවන් එහිදී සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග පොලිසියේ ඇති සම්බන්ධතාව නිසා පොලිසිය එම සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කර සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතා කරුවෝ මෙහිදී පොලිසියට බල කළහ.

