Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමාගමද සිය මිල ගණන් ඉහළ නංවා තිබේ. ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල සහ පෙට්‍රල් 92 මිල සංශෝධනය කර ඇති අතර අනෙක් මිල ගණන් නොවෙනස්ව පවතින බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කර ඇත. ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 392ක් දක්වා ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් 92 රුපියල් 410ක් දක්වා ඉහළ නංවා තිබේ. එමෙන්ම අනෙකුත් මිල ගණන් කිසිදු මිල සංශෝධනයක් සිදු නොකිරීමටද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.
අකුණුසැර වැදිමෙන් අද (03) අළුයම කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කරණු ලබන ඇගලුම් සේවිකාවක් මියගොස් තවත් ඇගලුම් සේවිකාවක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කරයි. ඇගලුම් සේවිකාවන් දෙදෙනා , නො72/ඒ කොක්වත්ත, හබරාදුව ප්‍ර දේශයේ නිවසක නේවාසිකව රැදි සිට ඇත. අද (03) අළුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් මෙම නිවසට අකුණු පහරක් වැදි ඇත. අකුණු සැරවැදිමත් සමග 1990 ගිලන් රථ සේවාවකට අයත් ගිලන් රථයකින් මෙම ඇගලුම් සේවිකාවන් දෙදෙනා රෝහල්ගතකොට ඇත. එක් ඇගලුම් සේවිකාවක් රෝහල්ගත කරණ විටත් මියගොස් සිටි අතර අනික් ඇගලුම් සේවිකාව පිළිස්සුම් තුවාල ලබා තිබු අතර ඇය කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර අංශයට ඇතුළත්කොට ඇත. අකුණු සැරවැදිමෙන්…
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පසුගිය දෙසැම්බර් 24 වන දින උපත ලැබූ නව සිංහ පැටවුන් යුවළ මේ වන විට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබේ. ජාතික සත්ව විද්‍යා උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සතුන් දෙදෙනා පිරිමි සහ ගැහැණු සිංහ පැටවුන්ගෙන් සමන්විත වන බවයි. මෙම කුඩා සිංහ පැටවුන් සඳහා සුදුසු නම් යෝජනා කිරීමේ විශේෂ අවස්ථාවක් කුඩා දරුවන් වෙනුවෙන් ලබා දීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර ඇත. ලබන සතියේ සිට ආරම්භ වීමට නියමිත මෙම නම් තැබීමේ වැඩසටහන සති දෙකක කාලයක් පුරාවට ක්‍රියාත්මක වනු ඇත. එහිදී ජයග්‍රහණය කරන දරුවන් සඳහා විශේෂ තෑගි පිරිනැමීමටද සැලසුම් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ…
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සඟවාගෙන සිටි විදේශික තරුණියක් කොල්ලුපිටිය පොලිස් වසමට අයත් රොටුන්ඩා ගාඩ්න්ස් ප්‍රදේශයේදී නීතියේ රැහැනට කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සිකුරාදා (01) රාත්‍රී කාලයේදී දියත් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ මෙහෙයුම අතරතුරදී සැකකාරියගේ භාරයේ තිබී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ විදේශීය මත්පැන් බෝතල් 257ක් සහ දුම්වැටි 100ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වන චීන ජාතික තරුණියක් බවට පොලිසිය විසින් වැඩිදුරටත් තහවුරු කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර…
පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම ජාවාරමට අදාළව කඩවත, රන්මුතුගල විහාරයේ වැඩවාසය කළ අමිතානන්ද නැමැති භික්ෂුවක් ද අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර අවස්ථාවකදී දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් භාරගැනීමේ චෝදනාව මත අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි චන්ද්‍ර කුමාර නැමැති පුද්ගලයෙකු ද මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ අදාළ විදේශ සංචාරය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බවට සැක කෙරෙන මුස්ලිම්…
යේමන මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ඉන්ධන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යෙමන වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත්තේ එම්ටී යුරේකා නම් නෞකාව මෙලෙස පැහැර ගෙන ඇති බවත් එම නෞකාව සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ බවය. නෞකාව කානා වරාය අසල ඒඩන් බොක්ක ප්‍රදේශයේදී මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත. පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එය ටෝගෝ ධජය යටතේ යාත්‍රා කරමින් තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සාජා නැව් සමාගමකට අයත් නෞකාවක් බවද එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා සිට දින 8තට…
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. සිය සංචාරයේදී ඔහු දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කර සිටී. එමෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 06කට ද අත්සන් තැබීම ද මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේදී සිදු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු…
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392ක් වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 458ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 470කි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල්…
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමග විශේෂ සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක ද නිරතවීමට සූදානම්ව සිටිනවා.
