අකුණුසැර වැදිමෙන් අද (03) අළුයම කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කරණු ලබන ඇගලුම් සේවිකාවක් මියගොස් තවත් ඇගලුම් සේවිකාවක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කරයි.
ඇගලුම් සේවිකාවන් දෙදෙනා , නො72/ඒ කොක්වත්ත, හබරාදුව ප්‍ර දේශයේ නිවසක නේවාසිකව රැදි සිට ඇත. අද (03) අළුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් මෙම නිවසට අකුණු පහරක් වැදි ඇත. අකුණු සැරවැදිමත් සමග 1990 ගිලන් රථ සේවාවකට අයත් ගිලන් රථයකින් මෙම ඇගලුම් සේවිකාවන් දෙදෙනා රෝහල්ගතකොට ඇත. එක් ඇගලුම් සේවිකාවක් රෝහල්ගත කරණ විටත් මියගොස් සිටි අතර අනික් ඇගලුම් සේවිකාව පිළිස්සුම් තුවාල ලබා තිබු අතර ඇය කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර අංශයට ඇතුළත්කොට ඇත.
අකුණු සැරවැදිමෙන් මියගොස් ඇත්තේ ඉමාෂා මධුභාෂිනි හිතවංශ (26) නැමති ඇගලුම් සේවිකාවකි. තුවාල ලබා ඇත්තේ ජි.ඒ පියුම් නැමති (25) තැනැත්තියකි. .

