Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»චීවරධාරීන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි බ්‍රිතාන්‍ය ජාත‍ිකයෙකුත් හවුල්
    උණුසුම් පුවත්

    චීවරධාරීන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි බ්‍රිතාන්‍ය ජාත‍ිකයෙකුත් හවුල්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026Updated:May 3, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම ජාවාරමට අදාළව කඩවත, රන්මුතුගල විහාරයේ වැඩවාසය කළ අමිතානන්ද නැමැති භික්ෂුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

    මීට පෙර අවස්ථාවකදී දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් භාරගැනීමේ චෝදනාව මත අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි චන්ද්‍ර කුමාර නැමැති පුද්ගලයෙකු ද මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ අදාළ විදේශ සංචාරය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බවට සැක කෙරෙන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබූ පසුබිමක, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණ මෙලෙස භාර වී තිබේ. ඔහු එලෙස ස්වකැමැත්තෙන් භාර වී ඇත්තේ විමර්ශන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් නොව, පරීක්ෂණ දැඩි වීම හේතුවෙන් බවට සැක කෙරේ. දැනට පොලිසිය වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගමන සූදානම් කරමින් ඊට අවශ්‍ය වියදම් දරා ඇත්තේ මොහු විසින් වන අතර, ඔහුගේ බැංකු ගිණුමක තිබී රුපියල් ලක්ෂ පනහක මුදලක් ද විමර්ශකයන් විසින් සොයාගෙන ඇත. කෙසේ වෙතත්, එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයාට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

    මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස ‘නිකී’ නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද සිටින බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ. මීට පෙර කුෂ් කිලෝග්‍රෑම් පහක් සමගින් අත්අඩංගුවට පත්ව සිටි මෙම විදේශිකයා මේ වන විට ලංකාවේ රැඳී සිටින බව අනාවරණය වී ඇත. ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා සහ අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ව්‍යාපාරිකයා අතර යම් සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් පවතියි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා විසිදෙනම අද දිනයේදී මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

    දැනටමත් සැකකරුවෙකු ලෙස නම් කර සිටින අගුණකොළේ අමිතානන්ද නැමැති හිමිනම මෙහෙයවූවා යැයි සැලකෙන අඹගස්මුල්ලේ පුණ්‍යරතන නමැති භික්ෂුව සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. දැනට සැඟවී සිටින මෙම භික්ෂුව අදාළ නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කරන ලෙස විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.

    මෙම සිද්ධියට අදාළව තායිලන්තය බලා ගිය චීවරධාරීන් විසිදෙදෙනා සඳහා එරටදී නවාතැන් පහසුකම් සපයමින් සමස්ත ක්‍රියාවලියම විදේශයේ සිට මෙහෙයවා ඇත්තේ දම්මරක්ඛිත හෙවත් ධම්ම නැමැති භික්ෂුවක් බවට කරුණු තහවුරු වී තිබේ. අදාළ පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මලු පවා සකස් කර දී ඇත්තේ මෙම භික්ෂුව විසින් බව විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.ඒ අනුව, මෙම ජාවාරමට සම්බන්ධ බෙල්පිටියේ දම්මරක්ඛිත නැමැති එම භික්ෂුව නඩුවේ පස්වන සැකකරු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

    මේ අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා විසින් අඹගස්මුල්ලේ පුණ්‍යරතන හිමියන් වෙත රුපියල් ලක්ෂ පනහක විශාල මුදලක් ලබා දී ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. ඉන් රුපියල් ලක්ෂ තිස්දෙකක මුදලක් ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා වැය කර ඇති අතර, ඉතිරි මුදල් යොදාගනිමින් බත්තරමුල්ල ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක් ලබාගෙන ඇත්තේ අදාළ චීවරධාරීන්ගේ ගමන් මලු ගබඩා කර තැබීමේ අරමුණින් බවට වැඩිදුරටත් වාර්තා වේ.

    මෙම කරුණු සැලකිල්ලට ගත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය, දැනට පොලිස් අත්අඩංගුව මඟහරිමින් සිටින අඹගස්මුල්ලේ පුණ්‍යරතන සහ බෙල්පිටියේ දම්මරක්ඛිත යන භික්ෂූන් දෙනම සඳහා විදෙස් ගමන් තහනමක් පැනවීමට අදාළව පොලිසිය කළ ඉල්ලීමට අවසර ලබා දී තිබේ.

    මීට අමතරව අත්අඩංගුවට ගත් අමිතානන්ද නැමැති භික්ෂුව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබේ. අත්අඩංගුවට පත් වූ චන්ද්‍ර කුමාර සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ජාවාරම සඳහා මුදල් ගලා ආ ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ විසින් මේ වන විටත් දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026

    නීති විරෝධී මත්පැන් දුම්වැටි තොගයක් සමග චීන කතක් කොල්ලුපිටියේදී අල්ලයි

    May 3, 2026

    යේමන මුහුදු සීමාවේදී ඉන්ධන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්,…

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.