Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්. මෙහිදී තුවාල ලැබූ එක් රැඳවියෙකු ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රැඳවියන් දෙදෙනා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මොරටුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි “ශ්‍රීනාත්” නමැති ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කළ කාන්තාවක කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට පොලිස් ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ (I) නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරටුව, මොරටුවැල්ල, ක්ලෝවියස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්. ඇය මොරටු වැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශ්‍රීනාත් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය…
වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ අනෙකුත් ජාතීන්ට හිමි සමාන අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (03) හැටන් නගරයේදී විරෝධතාවයක නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ, කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” යන සටන් පාඨය පෙරදැරි කරගනිමින් පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති බවයි. රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම වතුයායේ වතු කම්කරුවන් විසින් ඉදිකරන ලද තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් කඩා විනාශ කිරීමේ සිද්ධිය මෙම විරෝධතාවයට මූලික හේතුව වී තිබෙනවා. විරෝධතාවයට එක්වූ ක්‍රියාකාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, වතුකරය තුළ මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොදෙන…
රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යාව සමගින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබුණි. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. මාලදිවයින් ධූත පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි. කෙසේවෙතත් ගෑස් මිල ඉහළ ගියහොත් ආහාර මිල ගණන් සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය. “ඉන්ධන මිල වැඩිවුණේ, රුපියල් 12ත්, 15ත් කියන සුළු මුදලකින්. ඒ නිසා අපිට ආහාර පාන මිල වැඩි කිරීමක් සිදු කරන්න බැහැ. ඇත්තටම මේක අපිට පිරිවැයක් කරගන්න බැහැ. ඒ නිසා ආහාර මිල වැඩි කිරීමක් සිදුවෙන්නේ නැහැ. ආහාර මිල වැඩි කරන්න එපා කියලා ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවලදී මහජනතාවට පීඩා වන අයුරින් වැඩි මිලට ආහාර අලෙවි කරන ආපනශාලා වටලා ඔවුන්ට ලබා දෙන්න ඕන දඬුවම්…
එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. අදාළ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්, නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් ලෙස ද එම නිවේදනය මඟින් පෙන්වා දි තිබේ. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළද, වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන…
ල්ලියේ නිවාස සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුලු 09 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. ගින්න නිවීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා ගිනි නිවන රථ 14ක් යොමු කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොල කොටන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරී හසිත මලවිසිංහ නැමති එක්දරු පියෙකි. හසිත, ඊයේ (02) පස්වරුවේ රාජකාරියට යාමට බසයක් එනතුරු මාර්ගය අසල සිටගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී ලොරි රථයක සහ යතුරු පැදි දෙකක ද ගැටි මාර්ගයේ අසල, හසිත සිටගෙන සිටි ස්ථානයේ පිහිටි වෙළෙඳසැලකට කඩාවැදී ඇත. එම අවස්ථාවේදී හසිත, බස් රථයට සහ වෙළෙඳසැලට මැදි වී අනතුරට ලක්ව මියගොස් තිබේ. අප වාර්ථාකරු පැවසුවේ හසිත මලවිසිංහ දින කිහිපයකින් විදෙස් ගත වීමට ද සැලසුම් කර තිබී ඇති බවය. මෙම අනතුර සම්බන්ධයෙන්…
සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.5කින් ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හමුවේ ආනයනය කරන වාහනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 3කින්, ටොයෝටා රෙයිස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් සහ වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින් පමණ ඉහළ යා හැකි බවයි.
මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමශර්න කටයුතු සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කායර්‍යාලයේ දී අද (03) පැවති වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශය හරහා ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවයි.චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීමපරීක්ෂණවලින් සිදුකරන බවත්, එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව පවතින බව වැඩිදුරටත් පැවසුවා.
