කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන උපයෝගී කරගනිමින් මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ප්‍රධාන සැකකරුවෙකු ජීප් රථයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුගස්තොට, රණවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11,130 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,040 ක් සහ මත්කරල් 150 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන 04 ක් සහ මත්ද්‍රව්‍ය කිරුම් බර මැනීමට යොදාගත් ඩිජිටල් තරාදියක් ද සොයාගත් බවයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රණවන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙක්.
මොහු කොළඹ ප්‍රදේශයේ සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර, මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන කරා බෙදාහැරීමේ නිරතව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී රාජපක්ෂගේ අධීක්ෂණය හා උපදෙස් මත දුෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුඹුරේගම, උප පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් සැරයන් (8717) ලක්මාල්, කාන්තා පොලිස් සැරයන් (2050) සමන්ති, පොලිස් කොස්තාපල් (81271) වටදෙණිය යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

