Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී
    උණුසුම් පුවත්

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර දකුණ කැලිඩෝ මුහුදු වෙරළේ තිබී හමුවූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියගේ සිරුර ඇගේ ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

    මියගිය කාන්තාවගේ සැමියා සහ මව කළුතර නාගොඩ රෝහලට පැමිණ ඊයේ (02) එම සිරුර හඳුනාගත් බව ද පොලිසිය සඳහන් කළා.

    මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ, කනත්තගොඩ පදිංචිව සිටි 41 හැවිරිදි නදීෂානි තරංගිකා අමරනායක නමැති එක්දරු මවක්.

    ඇය සමාජ මාධ්‍ය තුල ඇය බොහෝදෙනාගේ ආදරය දිනා ගත් දක්ෂ කිවිඳියක්

    පසුගිය 01 වැනිදා කැලිඩෝ වෙරළ තීරයේ කාන්තා මළ සිරුරක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

    සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවුල් ආරවුලක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 30 වැනිදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවයි.

    කළුතර හදිසි මරණ පරීක්ෂක නිරෝෂා දිලුක්ෂනි විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ පවත්වා සිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කළා.

    මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. එස්. අත්නායක විසින් සිදු කරනු ලැබුවා.

    මරණයට හේතුව නිශ්චිතව හඳුනා ගැනීමට ඇයගේ රුධිර සාම්පල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    කළුතර දකුණ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (55318) සිල්වා සහ පොලිස් කොස්තාපල් (31060) ඒකනායක යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    කළුතර දකුණ කැලිඩෝ මුහුදු වෙරළේ තිබී හමුවූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියගේ සිරුර ඇගේ ඥාතීන් විසින්…

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.