Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
එකතු කළ අගය මත පැනවෙන බදු එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනුයේ අදාළ ගැසට් නිවේදනය මගින් සිදුකර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි බදු ප්‍රතිපත්තිය සරල කිරීම මගින් මෙතෙක් කල් අය කරන ලද එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ යන බදු වර්ග දෙක එකට එකතු කිරීමක් වන බවය. ඒ අනුව මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18%ක් වූ එකතු කළ අගය මත බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ…
පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට ඉදිරියේදී බරපතළ බලපෑමක් සිදුවිය හැකි බැවින් එම තීරණය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීයලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයා වෙතින් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.එම සංගමයේ සභාපති ආර්. සෙන්තිල් සහ ලේකම් ආර්. එම්. නුවන් සි. හේමකුමාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වේ. උක්ත කරුණ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇමතු ඔබේ අංක PS/CSL/01/02 හා 2026.03.20 දිනැති ලිපිය හා එම ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙමින් නිකුත් කර ඇති ලිපිය හා බැඳේ. රාජ්‍ය සේවය…
මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා. ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුලු ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2 යි දශම 5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළවයි. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. එමෙන්ම…
රජය විසින් ජූලි 1වනදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත (වැට්) බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ. මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවද එහි සඳහන්. එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් වන බවය. ආර්ථිකයකට බදු ගැසීමෙන් පමණක් වර්ධනයක් ඇති කළ නොහැකි බවත් ව්‍යාපාරවලට හුස්ම ගැනීමට නොහැකි නම්, ඒවාට නොනැසී පැවතීමට හෝ දියුණු වීමට නොහැකි වනු ඇති බවත් විපක්ෂ නායකවරයාගේ සටහනෙහි සඳහන්.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ. ප්‍රතිඵල වාර්තා අනුව තමිලග වෙට්‍රි කලගම් පක්ෂය නියෝජනය කළ ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණ ගෙන ඇත. ඒ අනුව මේ වන විට ඔහුගේ පක්ෂය විසින් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 107ක් දිනා පෙරමුණට පත්ව ඇත. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සන්ධාන ගතව ඇති ADMK සන්ධානයට හිමිව ඇති අතර ඔවුන් ආසන 75ක් මේ වන විට දිනාගෙන තිබේ. කෙසේ නමුත් මින් පෙර බලයේ සිටි එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට මෙවර ලබා ගැනීමට හැකිව ඇත්තේ කොට්ඨාස 52ක ජයක් පමණි. ඒ අනුව පළමු අදියරේ තැපැල්…
මැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළා නම් ජාතික ජන බලවේගයේ මැයි රැලියට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය 03 දා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.”මේ ආණ්ඩුව කරන කරන හැමදේම ෆේල්. හොරකම නැති කරනවා කියපු ආණ්ඩුව ආවට පස්සේ ඩොලර් මිලියන ගණන් දැන් භාණ්ඩාගාරෙන් පවා හොරකම් කරගෙන යනවා. ඒ ගැන එකම මැයි රැලියකවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් හෝ ජනාධිපතිතුමාවත් එක වචනයක් සඳහන් කරලා නැහැ. ඒක ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්.ඊට අමතරව දැන් ජනාධිපතිතුමා අලුත් වැඩක් පටන් අරත්. දැන් ජනාධිපතිතුමා තමයි නඩු තීන්දු ලියන්නේ.…
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් ඊයේ (03) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ. ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා පැවසීය. චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් 27වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ. යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ පස්වන අදියර කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06වැනිදා නවතා දැමු බව සමූහ මිනිවළ කැනීම් නිලධාරීන් පැවසීය. පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ…
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා ගිවිසුම් 7ක් සඳහා අත්සන් තබා තිබේ. ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශවල කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වල මෙලෙස අත්සන් තබා ඇති බවද සඳහන්.
අතුරුගිරිය – කොට්ටාව මාර්ගයේ පරණ හන්දිය ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සදහා ඉගෙනුම ලබමින් අවුරුදු 20ක තරුණයෙක් සහ හෝමගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි තරුණයෙක්. මියගිය තරුණයින් දෙදෙනා තවත් යතුරුපැදිකරුවන් පිරිසක් සමග කොට්ටාව දෙස සිට අතුරුගිරිය දෙසට අළුයම 2ට පමණ පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් පසු බරපතල තත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය. තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන…
