අතුරුගිරිය – කොට්ටාව මාර්ගයේ පරණ හන්දිය ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සදහා ඉගෙනුම ලබමින් අවුරුදු 20ක තරුණයෙක් සහ හෝමගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි තරුණයෙක්.
මියගිය තරුණයින් දෙදෙනා තවත් යතුරුපැදිකරුවන් පිරිසක් සමග කොට්ටාව දෙස සිට අතුරුගිරිය දෙසට අළුයම 2ට පමණ පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් පසු බරපතල තත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

