සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි.
බස් රථයෙන් බැස සෙරෙප්පුව දැමීමට යාමේ දී ඔහු මෙලෙස ගඟට පෙරළී ඇති බව ද සඳහන්.
කෙසේවෙතත් ඔහුගේ බිරිඳ සඳහන් කර සිටියේ ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බවය.
පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් දියත් කළ ද මේ වන තුරු කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

